
ඉන්දියාවේ කර්ණාටක ප්‍රාන්තයේ අගනුවර වන බෙංගලූරයේ ඉදි කරමින් පැවැති මහල් ගොඩනැගිල්ලක් කඩා වැටී 5 දෙනෙක් මියගියහ. සුන්බුන් අතරේ සිරවුණු පිරිස 21 කි. ඔවුන්ගෙන් 13 දෙනකු කඩිනමින් මුදා ගැනීමට හැකිවුණු බව ඉන්දීය මාධ්‍ය වාර්තා කළේය.
ගොඩනැගිල්ල බිමට සමතලා වූයේ ඇද හැලෙන මහ වැසි නිසාය. සුන්බුන් ඉවත් කිරීමට බැකෝ යන්ත්‍ර පවා යොදා ගැනුණි. සුන්බුන් අතරේ සිරවූවන් සෙවීමට නිල සුනඛයන් ද යොදා ගත් බව පොලිසිය නිකුත් කළ නිවේදනයක දැක්විණි. කඩා වැටුණු මෙම ගොඩනැගිල්ල අඩක් ඉදි කළ ගොඩනැගිල්ලක් බව බෙංගලූරු නගර බලධාරීහු පවසති.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd