
කාලගුණ විද්‍යාඥයන් විසින් ‘මිල්ටන්’ යනුවෙන් නම් කළ ප්‍රචණ්ඩ සුළි කුණාටුව හෙට (10) මහ වැසි සහ තද සුළං ද සමඟ ඇමෙරිකාවේ ෆ්ලොරීඩා ජනපදයේ, බටහිර වෙරළ තීරයට කඩා වැදීමට නියමිතය.
‘මිල්ටන්’ සුළි කුණාටුවෙන් ප්‍රබල බලපෑම් එල්ල වනු ඇත්තේ ටැම්පා බේ වෙරළාශ්‍රිත නගරයට යැයි පැවැසෙයි.
කාලගුණ විද්‍යාඥයන්ට අනුව, ටැම්පා බේ නගරයට වසර 100 කින් පසු කඩා වදින බිහිසුණුතම සුළි කුණාටුව වන්නේ මෙයයි.
මෙක්සිකෝ බොක්කේ වර්ධනය වූ ‘මිල්ටන්’ සුළි කුණාටුව, පැයට කිලෝ මීටර් 270 ක වේගයකින් හමා යන බව ද පැවැසෙයි.සුළි කුණාටුව ප්‍රබලත්වයෙන් පස්වැනි ස්ථානයට අයත් සුළි කුණාටුවක් බව පැවැසෙයි. ඇමෙරිකාවට කඩා වැදුණු බව කාලගුණ විද්‍යාඥයෝ පවසති.
‘මිල්ටන්’ සුළි කුණාටුව හේතුවෙන්, ටැම්පා බේ නගර වැසියන් ආරක්ෂිත ස්ථාන වෙතට යොමු කිරීමට මේ වනවිට පියවරෙ ගෙන ඇති බවත් දහස් ගණනක් දෙනා මේ වනවිට ප්‍රජා ශාලා සහ පාසල්වල රැඳී සිටින බවත් ඇමෙරිකන් මාධ්‍ය වාර්තා කර ඇත. ඇමෙරිකන් ජෝ බයිඩන් ද කාලගුණ විද්‍යාඥයන්ගේ අනතුරු ඇඟවීම් අනුව, ‘මිල්ටන්’ සුළි කුණාටුව සම්බන්ධයෙන් කනස්සල්ල පළ කර ඇතැයි පැවැසෙයි.
(ඒ.එෆ්.පී.)
2025 ඔක්තෝබර් මස 08
1516
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1345
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
2025 සැප්තැම්බර් මස 23
484
0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
මහ වැසි: සැඬ සුළං ‘මිලටන්’ ෆ්ලොරීඩාවට