ඊසානදිග චීනය අයහපත් කාලගුණයෙන් බැටකයි. චීන මාධ්‍ය වාර්තා කළේ අයහපත් කාලගුණය හේතුවෙන්, 10 දෙනකු ජීවිතක්ෂයට පත්වී ඇති බවත්, 23 දෙනෙකු තුවාල ලැබූ බවත්ය.

මේ වනවිට චීනයට මහ වැසි ඇද හැළෙමින් පවතී. මහ වැසි හේතුවෙන් ජල ගැලීම් සහ නායයෑම් හටගෙන ඇත්තේ ගන්ෂූ පළාතටය. ගන්ෂූ පළාතේ ඩිංග්ෂී නගරයෙව් වැඩි කොටසක් ජලයෙන් යටවී ඇතැයි ද පැවැසෙයි.