
බොලිවුඩ් සිනමාවේ මෞලිමංගල්‍යය ලෙස සැලකෙන70 වැනි ෆිල්ම්ෆෙයාර් සිනමා සම්මාන උළෙල අතිඋත්කර්ෂවත් අන්දමින් ඉන්දියාවේ අහ්මදාබාද් නුවරදී පැවැත්විණි.
සිනමා සම්මාන උළෙල පැවැත්වූයේ බොලිවුඩ් සුපිරි නළු නිළියන්, චිත්‍රපට නිෂ්පාදකවරුන්, අධ්‍යක්ෂවරුන් ඇතුළු සිනමා ක්ෂේත්‍රයේ බොහෝ දෙනකුගේ සහභාගීත්වයෙනි.
මෙවර සිනමා සම්මාන උළෙලේ දී2025 වසර සඳ හොඳම චිත්‍රපටය ලෙස සම්මානයට පාත්‍ර වූයේ 'ලාපටා ලේඩීස්' චිත්‍රපටයයි.
'ලාපටා ලේඩීස්' චිත්‍රපටයේ අධ්‍යක්ෂ කිරන් රාඕ හොඳම අධ්‍යක්ෂක ලෙස සම්මානයට පාත්‍ර විය. 2025 ෆිල්ම් ෆෙයා සම්මාන උළෙලේ හොඳම නිළිය සඳහා වන සම්මානය, 'ජිග්රා' චිත්‍රපටයේ කළ රංගනය වෙනුවෙන් ආලියා බාත්ට හිමිවිය.
මෙවර හොදම නළුවාට හිමි සම්මානය, අභිෂේක් බච්චන් සහ කාර්තික් ආර්යන් අතරේ බෙදී ගියේය. අභිෂේක් බච්චන් ට සම්මානය හිමිවූයේ 'අයි වෝට් ටු ටෝක්' චිත්‍රපටය වෙනුවෙනි. කාර්තික් ආර්යන් ට සම්මානය හිමිවූයේ 'චණ්ඩු චැම්පියන්' චිත්‍රපටය වෙනුවෙනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd