උතුරු ග්‍රීසියේ ඇම්පිපොලිස් හි පුරාණ සුසාන භූමියක් කැණීමකින් අපූරු චිත්‍රයක් මතුවූ බව පුරාවිද්‍යාඥයෝ කියති.
වර්ණවත් මාබල් කැබලි සවිකරමින් සාදා ඇති මෙම චිත්‍ර හඳුන්වන්නේ මොසැයික් චිත්‍ර යනුවෙනි. සුසානයක බිම අඩි 10ක් හා 15 ක් දිග පළලින් යුක්තව එය නිර්මාණය කැර ඇත. එහි දැක්වෙන්නේහ හර්ම්ස් දෙවියා ද පෙරටුකරගෙන මල්වඩමක් ඇතැතිව අශ්ව කරත්තයකින් ගමන්කරන පුද්ලයෙකි. පුරාවිද්‍යාඥයන් පවසන්නේ මේ චිත්‍රය හමුවූ සොහොන මැසිඩෝනියාවේ රජකළ මහා ඇලෙක්සැන්ඩර් රජුගේ විය හැකි බවයි.
සුසාන භූමිය ක්‍රිස්තු පූර්ව හතරවැනි සියවසේ සිට පවත්වාගෙන ආ ස්ථානයකි.
ඇතැම් විශේෂඥයන් පවසන්නේ මේ සොහොන් කොත ඇලෙක්සැන්ඩර්ගේ සමීපතම පවුලේ ඥාතියෙකුගේ එනම් ඔහුගේ මව ඔලිම්පස් හෝ භාර්යාව රොක්ස්ආනා හෝ වෙනත් මැසිඩෝනියන් රාජකීයයෙකුගේ විය හැකි බවයි.
පුරාවිද්‍යාඥයන් පිරිසකගේ මතය වී ඇත්තේ මෙය සමාධියක් ලෙස ගොඩනගන ලද්දක් බවයි. සිරුර වෙනත් ස්ථානයක මිහිදන් කිරීමෙන් අනතුරුව සොහොන ඉදිකැර ඇති බවත් ඔවුන්ගේ මතය වී ඇත.
සොහොන් කොත දෙපස මුරකරුවන්ගේ ශිලා රූප සාදා ඇත. විද්වතුන්ගේ මතය වන්නේ මොසැයික් චිත්‍රයේ දැක්වෙන හර්ම්ස් දෙවියන්ගේ රුවෙන් මතු ආත්මය පිළිබිඹු වන බවයි.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කවුරු මොනවා කීවත් අවම වශයෙන් මීට වසර 500කටවත් පෙර තිබුණු දාර්ශනික, කලාත්මක, ඉසුරුමත් යුගය විනාශම වෙලා ගිහින් ඉවරයි. දැන් තියෙන විද්‍යාවත්, තාක්ෂණයත්, කළාවත්, සාහිත්‍යත් කෘතිමයි. ඒවායේ වින්දනය අල්ප ඒකයි. (හේ)