ඉරාකයේ මොසුල් ප්‍රදේශයේ බලය අත්පත් කරගෙන සිටින අයි එස් සටන්කාමීන් ඉරාක හමුදාවන්ට එරෙහිව සාමාන්‍ය වැසියන් මිනිස් පළිහක් ලෙස යොදාගන්නා බව ඇමරිකාව චෝදනා කරයි. මෙම ප්‍රදේශයේ සිවිල් වැසියන් 700000ක් පමණ රැඳී සිටින අතර අයි එස් සටන්කාමීන් 5000ක් පමණ ද සිටින බව වාර්තා වී ඇත.

රොයිටර් පුවත් සේවය පවසන්නේ සටන්කාමීන් සාමාන්‍ය වැසියන්ට නගරයෙන් පිටවිම තහනම් කර ඇති බවයි. ගුවන් ප්‍රහාර වලට ඉලක්ක වියහැකි ගොඩනැගිලි අසල මිනිසුන් රඳවා සිටින බවද වාර්තා වේ.

ඉරාක රජයේ හමුදාවන් සහ කුර්දිශ් හමුදාව මොසුල් ප්‍රදේශය වටකරමින් දෙපැත්තකින් ඉදිරියට ගමන්කරමින් සිටින අතර ඔවුන් නගරයට කිලෝමීටර 30ත් 40ත් අතර ප්‍රමාණයකින්  ලඟා වී ඇත. එක්සත් ජාතීන්ගේ සංවිධානය පවසන්නේ මොසුල් නගරයෙන් පිටත අළුතින් සරණාගත කඳවුරු කිහිපයක් පිහිටුවා ඇති බවයි.

_91976840_mediaitem91976839 images-(3)-(1)