අන්තර් මහද්වීපික දිගු දුර මිසයිල් රැගත් රුසියානු යුද නැවක් සිරියානු වෙරළ ආසන්නයට ම ගමන්කර ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි. සිරියාවේ අයි.එස්.අයි.එස්. ත්‍ර‍ස්තවාදීන් ඉලක්ක කරගනිමින් රුසියාව මේ වනවිටත් ප්‍ර‍හාර එල්ල කරමින් සිටියි.

ගුවන් ප්‍ර‍හාරවලට අමතරව නාවුක ප්‍ර‍හාර එල්ල කිරීමේ අරමුණින් මේ යුද නැව සිරියාව අසළ ස්ථානගත කිරීමට රුසියාව කටයුතු කරන්නට ඇතැයි යුද විශේෂඥයෝ කියති.