
දේශපාලන අර්බුදයකින් බැටකන අප්‍රිකාවට අයත් මොසැම්බික් රාජ්‍යයේ, බන්ධනාගාරයකින් රැඳෙවියෝ 1,500 ක් පලා ගියහ.
මොසැම්බික් බන්ධනාගාර බලධාරීන් පැවැසුවේ පලා ගිය රැඳවියන්ගෙන් 150 දෙනකු අල්ලා ගැනීමට හැකිවුණු බවය. සෙසු පිරිස සොයා දිගටම මෙහෙයුම සිදු කරන බවත් බන්ධනාගාර බලධාරීහු වැඩිදුරටත් කියා සිටිති.
මොසැම්බික් රාජ්‍යයේ දේශපාලනික අර්බුදයක් හටගෙන ඇත්තේත්, රට පුරා ප්‍රධාන නගරවල කැරැලි කෝලහාල හටගෙන ඇත්තේත්, පසුගිය 23 වැනිදා මොසැම්බික් අධිකරණය ලබා දුන් තීන්දුවක් මුල්කොට ගනිමිනි. සිරකරුවන් බලා ගියේ බන්ධනාගාරයේ හටගත් කැරැල්ලක් මර්දනය කර ගැනීමට බන්ධනාගාර බලධාරීන්ට හෝ පොලිසියට හෝ හැකියාවක් නැත.
මොසැම්බික් රාජ්‍යයේ ජනාධිපතිවරණය පසුගිය ඔක්තෝබරයේ පැවැත්විණි. එහි ප්‍රතිඵල අභියෝගයට ලක් කරමින්, විපක්ෂය අධිකරණයේ පිහිට පැතීය. අධිකරණය තීන්දු කළේ 1975 වසරේ සිට රටේ බලය අල්ලා ගෙන සිටින පාලක ‘ෆ්රෙලිමෝ’ දේශපාලන පක්ෂය ජයග්‍රහණය කළ බවය.
අධිකරණය ලබා දුන් තීන්දුව, විපක්ෂයේත් විපක්ෂ ක්‍රියාකාරීන්ගේත් විරෝධයට හේතුවක් වූ අතර, ‘ෆ්රෙලිමෝ’ පක්ෂ ආධාරකරුවන් සහ විපක්ෂ ආධාරකරුවන් අතරේත්, විපක්ෂ ආධාරකරුවන් සහ පොලිසිය අතරේත් දරුණු ගැටුම් හටගෙන ඇත. මොසැම්බික් වැසියන් 33 දෙනකු ජීවිතක්ෂයට පත්ව ඇති බවය. තුවාල ලබා රෝහල්ගත කළ ගණන 15 කි.
2025 දෙසැම්බර් මස 16
19
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
820
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
601
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
මොසැම්බික් හිරෙන් 1,500 ක් පනිති