විශාල කසල කන්දක් කඩාවැටීම හේතුවෙන් මොසැම්බික් රාජ්‍යයේ අගනුවර වන මපුටෝහි 17දෙනකු මියගොස් තවත් බොහෝ පිරිසක් තුවාල ලබා ඇත. 
 
දින කිහිපයක් පුරා පැවති වර්ෂාව හේතුවෙන් මීටර් 15ක් පමණ උස කසල කන්ද  බුරුල් වී පහළට ඇදවැටුණු බව බලධාරීහු පවසති. 
 
කන්ද අසල තිබූ නිවාස 5ක් සම්පූර්ණයෙන් විනාශ වී ඇත. නගරයේ දුගී ජනකොටස් තාවකාලික නිවාස සාදාගෙන මෙම කන්ද ආසන්යේ ජීවත්ව සිටි බව පැවසේ. 
 
හදිසි සහන සේවා කණ්ඩායම් පවසන්නේ සුන්බුන් වලට යටවූ තවත් පිරිස් සිටිය හැකි බැවින් මුදා ගැනීමේ කටයුතු තවදුරටත් ක්‍රියාත්මක බවයි.
 
(බීබිසි ඇසුරිණි - 085)