
මෝසම් වැසි සමය උදා වීමත් සමඟ පාකිස්තානයට ඇද හැලෙන අධික වර්ෂාව සහ ජල ගැලීම් සැලකිල්ලට ගනිමින්, හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර තිබේ.
හදිසි තත්ත්වයක් ප්‍රකාශයට පත් කර ඇත්තේ, පාකිස්තානයේ දේශගුණික විපර්යාස පිළිබඳ ෆෙඩරල් අමත්‍යාංශයයි.
කාලගුණ විද්‍යාඥයන් උපුටා දක්වමින් දේශගුණික විපර්යාස පිළිබඳ ෆෙඩරල් අමත්‍යාංශය වැඩි දුරටත් පවසා ඇත්තේ ඉදිරි සති කීපය තුළ රටට බලපෑ මෝසම් කාලගුණ තත්ත්වය තවත් උත්සන්න විය හැකි බවය.
කාලගුණ විද්‍යාඥයන් වැඩි දුරටත් පෙන්වා දෙන ආකාරයට, ඉස්ලාමාබාද්, පාකිස්තාන කාශ්මීරය, පන්ජාබ්, කයිබර් - පක්තුන්ක්වා, බලුකිස්තාන් සහ සින්ද් යන නගර සහ ප්‍රාන්තවලට අගෝස්තු 9 දක්වා අධික වර්ෂාපතනයක් ලැබෙනු ඇත.
(එන්.ඩී.ටීවී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd