පිලිපීනයේ ඇතිවී තිබෙන කුණාටු තත්ත්වයක් හේතුවෙන් මැනිලා අගනුවර ආසන්න පළාත්වල දහස් ගනක් ජනයා තම වාසස්ථාන අතහැර ආරක්ෂක ස්ථානකරා ගොස් ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තාකරයි.
පාසැල් සහ රජයේ කාර්යාල වසා දමා ඇති අතර ගුවන් ගමන් කීපයක් අවලංගු කර ඇතැයි ද වාර්තාවෙයි. ජල ගැලීම් ගැලීම් හේතුවෙන් මහල් නිවාස රැසක බිම්මහල් සම්පූර්ණයෙන් ම යටවී ඇත.
එරට මාධ්‍ය වාර්තා කරණ්නේ නැගෙනහිර මැනිලාහි ජල ගැලීම් හේතුවෙන් 20,000ට වැඩි පිරිසකට වාසස්ථාන අහිමිවී ඇති බවයි.
සෑම වසරකම මෝසම් කාලවලදී පිලිපීනය කුණාටුවලින් පීඩාවට පත්වෙයි. කෙසේ වෙතත් කාලගුණ වාර්තා පෙන්වා දෙන්නේ මේ කුණාටුව ඉරිදා වනවිට පිලිපීනයෙන් ඉවත්ව ජපානය හා තායිවානය දෙසට ගමන් කළ හැකි බවයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙන් ගිනිකඳු පුපුරන්න ආසන්නයි මෙහෙන් ගංවතුර. (නදී)
අපේ රටේ මිනිස්සු පිට රටවල් වල ඉඳන් රට ගැන කැක්කුමකින් වැඩ කලාට කතා කලාට පිලිපීන කාරයෝ තමන්ගේ රටේ වෙන්නේ මොනවද කියලවත් දන්නේ නැහැ. ඒවායින් වැඩකුත් නැහැ. ඒ අතින් අපේ මිනිස්සු ඉන්නේ බොහොම ඉහලින් (නදී)