උතුරු මැසඩෝනියාවේ බස්රථ අනතුරකින් 13 දෙනෙකු මියගොස් 30 දෙනෙකුට වඩා වැඩි පිරිසක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
මැසඩෝනියාවේ ස්‌කොප්ඡේ අගනුවර සිට කිලෝමීටර් 20 පමණ දුරින් පිහිටි අධිවේගී මාර්ගයේ දී බස් රථය පෙරළීමෙන් මෙම අනතුර සිදු වී ඇති බව සෞඛ්‍ය ඇමැතිවරයා පැවසුවේය.
අනතුර සිදුවන අවස්ථාවේ බස් රථය තුළ මඟින් 50 දෙනෙක් සිට ඇති අතර තුවාල ලැබූවන්ගෙන් ගැබිනි මවක් ඇතුළු පස්දෙනෙකුගේ තත්ත්වය බරපතල බව වාර්තා වේ.
ශල්‍යකර්ම සිදුකළ සහ අසාධ්‍ය තත්ත්වයෙන් සිටින මගීන් සංඛ්‍යාව මියගිය පිරිසට වඩා වැඩිවිය හැකි බව සෞඛ්‍ය ඇමැතිවරයා පැවසුවේය.
මැසඩෝනියාවේ මාරාන්තික වූ රථවාහන අනතුරු නිරන්තරයෙන් සිදු වන බවත්,අනතුරින් විපතට පත් අයට කනගාටුව ප්‍රකාශ කරන බවත්, තුවාල ලැබූවන් සඳහා කඩනම් ප්‍රතිකාර ලබා දෙන බවත් මැසඩෝනියාවේ අගමැති සොරාන් සායෙව් මහතා ප්‍රකාශ කළේය.
(ඒ එෆ් පී ඇසුරෙනි)
(63226)
රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්
මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද
ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර
මැසඩෝනියාවේ බස් අනතුරකින් 13 ක් මරුට