මැසඩෝනියාවේ නම වෙනස් කිරීම සම්බන්ධයෙන් ග්‍රීසියේ ආණ්ඩුවට එරෙහිව විපක්ෂ කි‍්‍රයාකාරීන් ඇතෑන්ස් නුවර විරෝධතාවයක් ආරම්භ කර ඇත.
නගරයට එක්වූ දහස්ගණනක් විරෝධතාකරුවන් විසුරුවා හැරීමට පොලිසිය වෙඩි තැබීම් සහ කඳුළු ගෑස් එල්ල කළහ.
එහිදී පොලිසිය සහ විරෝධතාකරුවන් සමඟ ගැටුම් ඇති වූ අතර කිහිපදෙනක් තුවාල ලබා ඇති බව වාර්තා වේ.
මැසඩෝනියාව ග්‍රීසියේ උතුරු අසල්වැසි රාජ්‍ය වේ.
පසුගිය වසරේ ජූනි මාසයේදී ග්‍රීසියේ වාම අගමැති ඇලෙක්සිස් සිප්‍රාස් මහතා සහ මැසිඩෝනියානු අගමැති මේ ගිවිසුම සම්බන්ධ එකඟතාවයකට එළඹී ඇත.
මෙම ගනුදෙනුව පිළිබඳ ඡන්දය මෙම සතියේ ග්‍රීක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිත අතර පාර්ලිමේන්තුවේ සාමාජිකයන්ට ඔවුන්ගේ ඡන්ද භාවිතය සම්බන්ධයෙන් බලපෑම් එල්ල වී ඇති බව වාර්තා වේ.
බීබීසී ඇසුරෙනි
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මැසඩෝනියාවේනම වෙනස් කරන්න සැලසුම් කිරීමට පෙර එයට විරුද්ධව නැගීසිටින විපක්ෂය මිළදී ගතයුතුයි.එයට අවශ්‍යකරන මුදල් ඔබරටේ මහාබැංකුව මංකොල්ලකෑ යුතුයි.වැඩිදුර,අවශ්‍යකරන උපදේශ ශ්‍රීලංකාවේ වර්ථමාන පාලකයින්ගෙන් ලබාගතයුතු බවට යොජනාකරමු.