මැසිඩෝනියානු අගමැති සොරාන් සායෙව් මහතා සහ ග්‍රීක අගමැති ඇලෙක්සිස් සිප්‍රාස් මහතා 2019 නොබෙල් සාම ත්‍යාගය සඳහා යෝජනා වී ඇති බව වාර්තා වේ.
මෙම නායකයින් ප්‍රෙස්පා ගිවිසුම සම්බන්ධයෙන් කටයුතු කළ ආකාරය පිළිබඳ මෙහිදී විශේෂ අවදානය යොමුකර ඇත.
අසල්වැසි රටවල සමඟ ද්වි පාර්ශ්වීය සහ බහු පාර්ශ්වීය මතභේද සම්බන්ධයෙන් සාමකාමී හා ඵලදායී විසඳුම් ලබාදෙමින් ආදර්ශයක් සැපයීම වෙනුවෙන් මැසිඩෝනියානු අගමැති හා ග්‍රීක අගමැති සාම ත්‍යාගය සඳහා නම් කර ඇත.
දෙපාර්ශ්වයේම ජාතිකවාදීන් විසින් පනවන ලද පීඩනයන් නොතකා සාමූහිකත්වය උදෙසා සංවාද ගොඩනැගීම, ධනාත්මක බලවේග ඇතිකිරීම, අධිෂ්ඨානය හා යහපත් අසල්වැසි සබඳතා පවත්වා ගැනීම මෙහිදී ඇගයීමට ලක්ව ඇත.
(63226)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd