
රුසියන් යුක්රේන යුද්ධය සාමකාමීව අවසන් කිරීමට තමන් යුක්රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කී හමුවීමට සූදානම් බවත්, එම හමුව රුසියාවේ මොස්කව් නුවර පැවැත්වීමට තමන් කැමති බවත් රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටින් යළිත් වරක් අවධාරණය කර ඇත.
රුසියන් ජනාධිපතිවරයා මේ බව අවධාරණය කළේ, චීන සංචාරය නිමා කරමින් ආපසු රුසියාව බලා යෑමට සූදානම් වෙද්දී, මාධ්‍ය සාකච්ඡාවකට එක්වෙමින් අදහස් පළ කරමිණි.
වසර තුනකට වැඩි කාලයක් තිස්සේ ඔඩුදුවා ඇති රුසියන් යුක්රේන යුද්ධය සාමකාමීව අවසන් කිරීමට තමන් කැමැති බව පුටින් මාධ්‍ය හමුවේ දී පැහැදිලි කළේය.
කෙසේ නමුත්, සාමකාමීව යුද්ධය අවසන් කිරීමට නොහැකි නම්, යුක්රේනයට එරෙහිව ගත් හමුදා ක්‍රියා මාර්ගය තවත් ත්‍රීව කරමින්, තම අරමුණ ඉටු කර ගන්නා බව ද පුටින් වැඩි දුරටත් කියා සිටියේය.
‘සෙලෙන්ස්කී හමුවී සාකච්ඡා කරන්න කැමතිදැයි ට්‍රම්ප් ජනාධිපතිවරයා මගෙන් ඉල්ලීමක් කළා මම ඒකට කැමති බවත්, හමුව රුසියාවේ මොස්කව් නුවරදී පැවැත්වීමටත් මම යෝජනා කළා. රුසියන් යුක්රේන යුද්ධය සාමකාමීව අවසන් කිරීමට හැකිවේවි නම් මම එවැනි හමුවකට සූදානම්.’ යැයි ද රුසියන් ජනාධිපතිවරයා මාධ්‍යවේදීන් හමුවේ පෙන්වා දුන්නේය.
මේ අතර, යුක්රේන යුද්ධය නැවැත්වීමට රුසියන් ජනාධිපති පුටින් කඩිනමින් කටයුතු නොකරන්නේ නම්, පුටින්ට එරෙහිවත් රුසියාවට එරෙහිවත් දැඩි තීන්දු තීරණ ගැනීමට සිදුවන බව ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අවධාරණය කර ඇත.
ට්‍රම්ප් පවසා ඇත්තේ දැනට රුසියාවට පනවා ඇති සම්බාධකවලට අමතරව, එරටට සියයට 100 ක තීරු බදු පැනවීමට ද තම පරිපාලනවය පසුබට නොවන බවය.
ට්‍රම්ප් සහ ඉන්දියාව අතරේ ද මේ වනවිට ගැටුමක් පවතී. ඒ, රුසියන් යුක්රේන යුද්ධය මුල්කොට ගනිමින්, ඇමෙරිකාව රුසියාවට සම්බාධක පනවා තිබියදී, ඉන්දියාව රුසියාවෙන් තෙල් මිලදී ගැනීමය. ට්‍රම්ප් පරිපාලනය ඉන්දියාවට සියයට 50 ක තීරු බදු පැනවීමක් කර ඇත්තේ ද මේ නිසාය.
පසුගිය දා චීනයේ පැවැති ෂැංග්හායි සමුළුවට ඉන්දීය අග්‍රාමාත්‍ය මෝදි ද සහභාගී විය. චීන ජනාධිපති ෂී ජින්පින්ගෙන්, මෝදිට හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. ෂැංග්හායි සහයෝගීතා රාජ්‍ය නායක සමුළුවට රුසියන් ජනාධිපති ව්ලැදිමීර් පුටයින් ද සහභාගී වූ අතර, සමුළුව අවසානයේ මාධ්‍යවේදීන් අමතමින් කියා සිටියේ, ඇමෙරිකාව ඉන්දියාවට සම්බාධක පැනවීම වැරදි බවය.
මේ අතර යුක්රේනයට සහාය දක්වන යුරෝපා රටවල් පවසා ඇත්තේ රුසියාව සමඟ යුද්ධයේ දී තමන් යුක්රේනයට සහාය දෙනවා සේම, රුසියාවත් යුක්රේනයත් අතර යුද්ධය අවසන් වූ පසුවත් තමන්ගේ සහාය යුක්රේනයට ලබා දීමට කටයුතු කරන බවය.
(එන්.ඩී.ටීවී.)
2025 නොවැම්බර් මස 04
305
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2123
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1614
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මොස්කව් නුවරදී යුක්රේන ජනපති හමුවෙනවා