රුසියාවේ මොස්කව් නුවර ඇතිවූ ගින්නකින් 17 දෙනකු මියගොස් ඇතැයි විදෙස් පුවත් සේවා පවසයි.

මොස්කව්හි මුද්‍රණ ශාලාවක මෙම ගින්න හටගෙන ඇති අතර මියගිය පිරිස එහි සිටි කුර්දිස්ථාන් ජාතකයන් පිරිසක් බව කියති.

බලධාරීන් පවසනුයේ ගින්නෙන් 12 දෙනකු බේරාගත් බවයි.