කළු සල්ලි සුදු කිරිමට ආධාර අනුබල දුන්නේයැයි චෝදනා එල්ල වූ මොසැක් ෆොන්සේකා සමාගමේ සේවකයකු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
එම සමාගමේ පරිගණක තාක්ෂණික ක්‍රියාකරුවෙකු දත්ත විශාල ප්‍රමාණයක් අනවසරයෙන් පිට කළැයි කියමින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.
ඔහු අත්අඩංගුවට ගත්තේ පසුගියදා ප්‍රසිද්ධියට පත්වූ පැනමා දත්තා පිටවීම සම්බන්ධයෙන්දැයි මෙතෙක් තහවුරු වී නොමැත.
එම ආයතනය විසින් නීති නිලධාරීන් වෙත තොරතුරු ලබා දීමෙන් අනතුරුව ඔහු ජිනීවා කාර්යාලයේදී අත් අඩංගුවට ගනු ලැබිණි.
ඔහුට දත්ත සොරකම් කිරීම, අනවසර ජාල ඇතුළුවීම හා විශ්වාසය කඩකිරීම යන චෝදනා එල්ල වී තිබේ.
එම සමාගමෙන් පිටවූ දත්ත අනුව කළු සල්ලි තැන්පත් කළ බව කියන දේශපාලන නායකයන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ නම් ගම් ගවේෂනාත්මක මාධ්‍යවේදීන්ගේ එකමුතුව පසුගියදා හෙළි කළේය.
එම ලියවිලි වල කිසිම නීති විරෝධී භාවයක් නොමැති බවත් සිදුවූ සියල්ල නිත්‍යානුකුලව සිදුවූ බවත් මොසැක් ෆොන්සේකා සමගම පවසයි.
ජිනීවා නීති කාර්යාලය පැනමා හෙලිදරව්ව සම්බන්ධයෙන් අප්‍රේල් මාසයේ දී අපරාධ පරීක්ෂණයක් ආරම්භ කළ අතර මැයි මාසයේදී එම ක්‍රියාන්විතය සිදු කළ ගවේෂණාත්මක මාධ්යවේදීන්ගේ ජාත්යන්තර සංසදය එම මෙහෙයුම අනාවරණය කළේය. කෙසේ වෙතත් ඔවුන් සමග මෙම මෙහෙයුමට මොසැක් ෆොන්සේකා සමාගමේ සේවකයෙකුද රහසිගත ලෙස තොරතුරු සපයා එම ලිපිගොනු ලබාගැනීමට එම මාධ්‍යවේදීන්ට සහය දක්වා තිබිණි
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd