IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


මොසැක් ෆොන්සේකා සමාගමේ සේවකයෙක් අත්අඩංගුවට

කළු සල්ලි සුදු කිරිමට ආධාර අනුබල දුන්නේයැයි චෝදනා එල්ල වූ මොසැක් ෆොන්සේකා සමාගමේ සේවකයකු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එම සමාගමේ පරිගණක තාක්ෂණික ක්‍රියාකරුවෙකු දත්ත විශාල ප්‍රමාණයක් අනවසරයෙන් පිට කළැයි කියමින් එලෙස අත්අඩංගුවට ගෙන ඇත.

ඔහු අත්අඩංගුවට ගත්තේ පසුගියදා ප්‍රසිද්ධියට පත්වූ පැනමා දත්තා පිටවීම සම්බන්ධයෙන්දැයි මෙතෙක් තහවුරු වී නොමැත.

එම ආයතනය විසින් නීති නිලධාරීන් වෙත තොරතුරු ලබා දීමෙන් අනතුරුව ඔහු  ජිනීවා කාර්යාලයේදී අත් අඩංගුවට ගනු ලැබිණි.

ඔහුට දත්ත සොරකම් කිරීම, අනවසර ජාල ඇතුළුවීම හා විශ්වාසය කඩකිරීම යන චෝදනා එල්ල වී තිබේ.

එම සමාගමෙන් පිටවූ දත්ත අනුව කළු සල්ලි තැන්පත් කළ බව කියන දේශපාලන නායකයන්ගේ හා ව්‍යාපාරිකයන්ගේ නම් ගම් ගවේෂනාත්මක මාධ්‍යවේදීන්ගේ එකමුතුව පසුගියදා හෙළි කළේය.

එම ලියවිලි වල කිසිම නීති විරෝධී භාවයක් නොමැති බවත් සිදුවූ සියල්ල නිත්‍යානුකුලව සිදුවූ බවත් මොසැක් ෆොන්සේකා සමගම පවසයි.

ජිනීවා නීති කාර්යාලය පැනමා හෙලිදරව්ව සම්බන්ධයෙන් අප්‍රේල් මාසයේ දී අපරාධ පරීක්ෂණයක් ආරම්භ කළ අතර මැයි මාසයේදී එම ක්‍රියාන්විතය සිදු කළ ගවේෂණාත්මක මාධ්යවේදීන්ගේ ජාත්යන්තර සංසදය එම මෙහෙයුම අනාවරණය කළේය. කෙසේ වෙතත් ඔවුන් සමග මෙම මෙහෙයුමට මොසැක් ෆොන්සේකා සමාගමේ සේවකයෙකුද රහසිගත ලෙස තොරතුරු සපයා එම ලිපිගොනු ලබාගැනීමට එම මාධ්‍යවේදීන්ට සහය දක්වා තිබිණි



අදහස් (0)

මොසැක් ෆොන්සේකා සමාගමේ සේවකයෙක් අත්අඩංගුවට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 582 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site