IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


මාස්ක් නැති බ්‍රිතාන්‍ය ජාතිකයාට සිරදඩුවම්

මුහුණු ආවරණයක් නොමැතිව, සිංගප්පූරු මගී දුම්රියකින් ගමන් කළ බ්‍රිතාන්‍ය ජාතිකයකුට සිංගප්පූරු අධිකරණයක් සති 6 ක සිරදඩුවමක් නියම කළේය.

බෙන්ජමින් ග්ලින් නමැති 40 හැවිරිදි මෙම බ්‍රිතාන්‍ය ජාතිකයා මුහුණු ආවරණයක් නොපැලඳ සිංගප්පූරු දුම්රියක ගමන් කර ඇත්තේ පසුගිය මැයි මාසයේය.

පුහුණු ආවරණයක් පැලඳ ගන්නැයි දුම්රියේ සිටි මගීන් ඔහුට දිගින් දිගටම පවසද්දී, ඔහු එම මගීන් ට පරුෂ වචනයෙන් බැණ වැදී ඇත.

පොලිසිය දුම්රියෙන් බසිද්දී, බෙන්ජමින් අත්අඩංගුවට ගැනීමට කටයුතු කළ අතර, නිරෝධායන නීති යටතේ ඔහුට චෝදනා ගොනු කිරීම සහ අධිකරණයට යොමු කිරීම සිදුවිය.

ඊට පෙර ඔහුගේ මානසික තත්ත්වය පරීක්ෂා කිරීමට විශේෂ සායනයකට යොමු කරන්නැයි අධිකරණය නියෝග කර තිබුණි.

පෙරේදා (18) අධිකරණයට ඉදිරිපත් කළ විට, බෙන්ජමින් ග්ලින් අධිකරණයෙන් ඉල්ලා ඇත්තේ තමන්ගේ ගුවන් බලපත්‍රය ආපසු දෙන ලෙසත්, තමන්ට සහ තමන්ගේ පවුලේ සාමාජිකයන්ට සිංගප්පූරුවෙන් පිටවීමට ඉඩ දෙන ලෙසත්ය.

අධිකරණය ඊට කන් නොදුන් අතර, බෙන්ජමින් ග්ලින් ට සති 6 ක සිරදඩුවමක් නියම කෙරුණි. සිංගප්පූරුව යනු ආසියාවේ ව්‍යාපාරික කේන්ද්‍රස්ථානයකි.

'කොවිඩ් 19' ව්‍යාප්තිය වළක්වා ගැනීමට දැඩි නීති පනවා ඇති අතර, එම නීති කඩ කරන්නන්ට උපරිම දඩුවම් ලබා දීම ද සිදුවෙයි. සිංගප්පූරුවේ මුහුණු ආවරණ අනිවාර්ය කර තිබේ.

මීට පෙර පසුගිය පෙබරවාරියේ ද මුහුණු ආවරණ නොපැලඳ ප්‍රසිද්ධි ස්ථානයක සිටි බ්‍රිතාන්‍ය ජාතික තරුණයකුටත් තරුණියකටත් සති දෙක බැගින් සිර දඩුවම් නියම කෙරුණි.

(රොයිටර්)



අදහස් (1)

මාස්ක් නැති බ්‍රිතාන්‍ය ජාතිකයාට සිරදඩුවම්

නාමල් බේබි Monday, 23 August 2021 08:29 AM

සිංගප්පූරුවෙ එහෙම උනත් ලංකාවේ එහෙම වෙන්නෙ නෑ......... ඕ යේ....!

:       0       3

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 672 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2337 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1725 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site