පසුගිය මාස හයක් තුළ යේමනයේ  ළමයින් මිලියන භාගයක් පමණ අවතැන් වී ඇති බව යුනිසෙෆ් සංවිධානය පවසයි.

ඉදිරි පරම්පරාවේ අවදානම පිළිබඳ ජාත්‍යන්තර අවධානය යොමුවිය යුතු බව ඔවුහු පෙන්වා දෙති.

ජුලි සහ අගෝස්තු මාසයේ  යේමනයට එල්ල වූ විශාල මිලිටරි  ප්‍රහාර මෙම දරුවන්  අඳුරු  අනාගතයකට යොමු කළේය. 

අධ්‍යාපනයට ප්‍රවේශ වී නොමැතිවීම, රෝගාතුරවීම, කුසගින්න ඔවුන් මුහුණපාන ගැටලු බව  එක්සත් ජාතීන්ගේ ළමා ආයතනය පවසයි.

"අපි පරම්පරාවක් අහිමි කරගත්තෙමු - බොහෝ දරුවන් තම අධ්‍යාපනය අහිමි වී ඇත. 

අධ්‍යාපනය නොමැතිව ඔවුන්ට රැකියා සොයා ගැනීමට නොහැකි වනු ඇත . 

උගත් නොවන පරම්පරාවක් වන ඔවුන්ට ඉතා අඳුරු අනාගතයක් ඇත." යුනිසෙෆ් සංවිධානයේ යේමන් අධ්‍යක්ෂක වරයා පැවසුවේය.

 

(63226)