පාසල් ක්‍රීඩා පිටියේ දී හදිසියේම සිහිසුන්ව ඇද වැටුණු සිසුවියක් මාස පහකින් පසු කෘතිම පොම්පයක ආදාරයෙන් නැවත ප්‍රකෘත්ති තත්ත්වයට පත්කිරීමට වෛද්‍යවරු පිරිසක් සමත්ව සිටිති. එවැනි ප්‍රතිකාර ක්‍රමයක් භාවිතා කළ ලොව මුල්ම අවස්ථාව ද මෙයයි.
එමා රෝස නැමැති දස හැවිරිදි දැරිය පෙබරවාරි මස දිනක පාසලේ දී හුස්ම ගැනීම හදිසියේ නතර වීම හේතුවෙන් මේ තත්ත්වයට පත්වූවාය. ඇගේ පියා ඇය පාසලේ සිට නිවසට රැගෙන යාමට පැමිණි අවස්ථාවක දී මෙසේ සිදුව ඇත.
ඇය යළි ප්‍රකෘත්ති තත්ත්වයට පත්ව ඇත්තේ කෘතීමව සවිකරණ ලද පොම්පයක පුරෝගාමි සැත්කමක බලයෙනි. පවුම් 27000ක් හෙවත් රුපියල් ලක්ෂ 61 ක් පමණ වටිනා මෙම උපකරණය මගින් හෘදයේ මාංශ පේෂියක වූ දුර්වලතාවට ප්‍රතිකාර කරනු ලැබීය. එංගලන්තයේ ග්ලැස්ගෝ හි යොර්ක්හිල් ළමා රෝහලේදී එම උපාංගය දැරියට සවිකැර ඇත.
එමගින් ඇයගේ කොඳු නාරටියට පහසුවෙන් එන්නත් ලබාදීමේ හැකියාව ලැබී ඇත.
එමාගේ මව වන 32 හැවිරිදි රොබෙන් ස්ටිවර්ඩ් පවසන්නේ මෙම රෝගි තත්වයෙන් ගොඩ ඒමට තම දියණියට හැකියාවක් නොලැබෙනු ඇතැයි කලින් විශ්වාසය වුව ද පසුව ඇය කෙමෙන් සුවපත් වී බවයි.
ඇය දැන් ප්‍රකෘති සිහියෙන් සිටියි. දැන් ඇයට මිනිසුන් හඳුනා ගත හැකිය. සමහර විට ඇය අත් පා සොලවයි. ගීතයක් ඇසීමට සැලැස්වීමේ දී පාද සොලවමින් එයට ප්‍රතිචාර දක්වයි.
මේ සියල්ල සමගින් මට අවශ්‍යව ඇත්තේ තම දරුවා කතා කරමින් මට ඇයගේ හැඟීමි ගැන මාවෙත පැවසීම යැයි මව පවසන්නීය.
ඇය වැඩිදුරටත් මෙසේ ද කියයි.
‘‘ මා දුව ළඟට යන විට ඇය සිටියේ මියගිය ස්වරූපයෙන්. මුළු සිරුර ම නිල් පැහැ වෙලා තිබුණා. හුස්ම ගත්තේ නැහැ. ඒ විදියට ම මගේ දුව නරක දින ගණනක් ගෙවා දැම්මා. දැන් ඇය සුවපත් වෙලා. ඇය දැන් ශබ්ද ඇති කරනවා. ගොරවනවා. කෙඳිරිගානවා.
වෛද්‍යවරු පවසන්නේ මේ සැත්කම ඉතා අවදානම් සහගත එකක් බවයි.
කෙසේ වෙතත් එමා ගේ දෙමාපියන්ට ඇයව දැන් රෝද පුටුවක ආධාරයෙන් රෝහලේ සිට පිටතට ගෙන යාමට හැකියාව ඇත. මේ අවස්ථාවේදී තම දියණිය තමන් හා හොඳින් සිනාසෙන බව ඇගේ මව පවසන්නීය.
එමාගේ දෙමාපියනට මාස 18 ක් වයසැති ඊවි නම් තවත් දියනියක්ද සිටියි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හරිම සංවේදී පුවතක් විශේෂයෙන් දුවල ඉන්න තාත්තලට. සතුතියි ලංකාදීප (නදී)
ලොවේ කිසිවෙකුටවත් මෙවැනි උපද්‍රව නොවේවා ! (නදී)
හරිම සංවේදී පුවතක්, විශේෂයෙන් දූවරු ඉන්න තාත්තලට (නි)
දෙවියන් ඔබ සමග ඉඳීවි. ඔබට ඉක්මනින් සුවය ලැබෙනවා මගෙ දූ. (ස)
හරිම වාසනාවන්තයි (අ)
ඔබට ඉක්මන් සුවය! (නි)
ඔබට ඉක්මන් සුවය ,ලොවේ කිසිවෙකුටවත් මෙවැනි උපද්‍රව නොවේවා ! (නදී)
කොච්චර වාසනාවන්ත දැරියක්ද? (නි)
ඉතාමත් ඉක්මනින් තම දෙමාපියන් සමඟ කතාබහ කිරීමට සහ කෑම ගැනීමටත් හැකි වේවා! ඉක්මන් සුවය දියණියට ලැබේවා! (නි)