ලන්ඩන්හිදීය (රොයිටර්)
 
කුකුළු මස් නොමැතිකම නිසා ක්ෂණික ආහාර ආපනශාලා ජාලයක් වන කේ.එෆ්.සී ජාලයේ බ්‍රිතාන්‍යයේ ලන්ඩන් නුවර පිහිටි ආපනශාලා සිය ගණනක් වසා දැමීමට සිදුව ඇතැයි වාර්තා වේ. 

 
බෙදාහැරීම් ජාලය ඩී.එච්.එල් සමාගමට ලබාදීමත් සමඟ කේ.එෆ්.සී ආපනශාලා ජාලය  මෙම අර්බුදයට මුහුණ දීමට සිදුව තිබෙන අතර බ්‍රිතාන්‍යයේ තිබෙන ඔවුන්ගේ ආපනශාලා 900න් වැඩි සංඛ්‍යාවක් වසා දැමීමට සිදුව ඇතැයි වාර්තා වේ.
 
මේ අතර මෙහෙයුම් ප්‍රශ්නයක් නිසා මෙම අර්බුදය ඇති වූයේ යැයි ඩී.එච්.එල් සමාගම චෝදනා කරයි. 
 
“අපි කේ.එෆ්.සී සහ අපේ පාර්ශවකරුවන් සමඟ සාකච්ඡා කරනවා. මේ අර්බුදය කඩිනමින් විසඳීමට අපි කටයුතු කරනවා. සිදු වූ අපහසුතාව පිළිබඳව අපි කනගාටුව පළ කරනවා” යැයි ද ඩී.එච්.එල් කුරියර් සමාගමේ කාශිකාවක් සඳහන් කළාය.