IMG-LOGO

2025 නොවැම්බර් මස 13 වන බ්‍රහස්පතින්දා


මාස තුනකදී යේමනයේ කොලරා රෝගීන් 1900ක් මරුට

පසුගිය මාස තුන ඇතුළත යේමනයේ කොලරා රෝගීන් 1900ක් පමණ මියගොස් ඇතැයි ලෝක සෞඛ්‍ය සංවිධානය පවසයි.

කොලරා රෝගීන් ලක්ෂ හතරකට වැඩි ප්‍රමාණයක් එම මාස තුන ඇතුළත හමුවී ඇති අතර  ඉන් වැඩි පිරිසක් කුඩා දරුවන් බව  එම සංවිධානය පවසයි.

මියගිය පිරිසගෙන් 32%ක්ම අවුරුදු 15ට අඩු දරුවන් බවට වාර්තා වී ඇත. ලෝක සෞඛ්‍ය සංවිධානය පෙන්වා දෙන්නේ දරුවන් පෙලෙන උග්‍ර මන්දපෝෂණ තත්ත්වය හේතුවෙන් කොලරා රෝගය පැතිරීම වේගවත් වී ඇති බවයි. 2015 වර්ෂයේ සිට යේමනයේ පවතින සිවිල් යුද්ධය නිසා රෝග මර්ධන කටයුතු අඩාල වී ඇති බවද ඔවුහු පෙන්වා දෙති.

දරුවන් සම්බන්ධව කටයුතු කරන 'සේව් ද චිල්ඩ්රන්' ආයතනය පවසන්නේ යේමනයේ මන්දපෝෂණයෙන් පෙළෙන දරුවන් මිලියනයක් පමණ කොලරා රෝගය විශාල වශයෙන් පැතිරී ඇති ප්‍රදේශ වල සිටින බවයි.

මන්දපෝෂණය සහිත දරුවන්ගේ ප්‍රතිශක්තීකරණ පද්ධතිය දුර්වල වීම නිසා ඔවුන්ට ඉක්මනින් රෝගය වැළඳෙන බවත් එවැනි දරුවකු මියයෑමේ සම්භාවිතාවය තුන් ගුණයකින් වැඩි බවත් මෙම සංවිධානය පෙන්වා දෙයි.

(සීඑන්එන් පුවත් ඇසුරිණි - 085)

 



අදහස් (0)

මාස තුනකදී යේමනයේ කොලරා රෝගීන් 1900ක් මරුට

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 692 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2360 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1732 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site