ඇමරිකා ජාතික ඇන්ඩෘ අයිවනිකිගේ රැකියාව වන්නේ ඇඳකට වී මාස 3 ක් එකදිගට ගත කිරීමය.ඒ සඳහා ඔහුට ලැබෙන මුදල ඩොලර් දහඅටදහසකි (රුපියල් 23,58000).

මේ අපූරු රැකියාව ඇන්ඩෘට ලබා දී ඇත්තේ ඇමරිකාවේ නාසා ආයතනයයි.දීර්ඝ අභ්‍යාවකාශ ගමන් වලදී එක දිගට එකම ඉරියව්වෙන් රැදී සිටීමට සිදුවනු ඇති අභ්‍යාවකාශගාමීන්ට මතුවිය හැකි දුෂ්කරතා සොයාබැලීම මෙයින් සිදුකෙරේ.

ඒ අනුව ඇන්ඩෘට එක දිගට මාස 3 ක් ඇඳෙහිම වැතිර සිටීමට නියම වී ඇත.වැසිකිළියට යෑමට පවා නැගිටීම ඔහුට තහනම්ය.

මුල් කාලයේදී අපහසු වුවත් දැන් තමන් ඊට ක්‍රමයෙන් හුරුවී ඇති බව ඇන්ඩෘ කියයි.

ගතවූ අවුරුදු කිහිපයේදී පුද්ගලයින් 54 දෙනෙකු යොදාගෙන නාසා ආයතනය මෙම පරීක්ෂණය ක්‍රියාවට නංවා තිබෙන අතර ඇන්ඩෘ අන්තිමයා බව සදහන්ය.

මුලින්ම දින කිහිපයක පෙර පුහුණුවක් තමන්ට ලබාදුන් නාසා විද්‍යාඥයෝ එහිදී ආහාර ගැනීම,වැසිකිළි යෑම ආදිය ඇඳෙහි වැතිර සිටියදීම කළ හැකි ආකාරය පැහැදිලි කර දුන් බව ඔහු පවසයි.

ඒ අතුරින් අපසුම කාරිය නිදාගෙන ශරීර කෘත්‍යයේ යෙදීම බව ඔහු කියන්නේ සිනාමුසුවය.

ඔහුගේ ඇද අංශක 6 ක් පහතට ඇලයක් සහිතව තිබෙන්නක් වන අතර එනිසා ඇන්ඩෘ නොයෙක්වර පහතට රූරා ගොස් හිස ඇඳ විට්ටමේ වද්දවාද ගනී.

මේ සියල්ල නාසා ආයතනයේ විද්‍යාඥයින්ගේ අරමුණු පරිදි ඇතිකළ ඒවාය.

මේ සියලූ දුෂ්කරතා ඇන්ඩෘ දරා සිටින්නේ ඔහු අතට ලැබීමට නියමිත මුදල නිසාය.රැකියාවෙන්ද පහ කර ඇති ඔහුට දැන් ඇත්තේ එම මුදලේ බලාපොරොත්තුව පමණි.

එය දිනා ගැනීමට තවත් සති 7 ක් ඇඳට වී සිටීමට ඔහුට සිදුවනු ඇත.ඔහු දැනට ගත කර ඇත්තේ සති 3 ක් පමණ කාලයකි.

Nasa-bed-test4-550x550 Nasa-bed-test31 Nasa-bed-test-550x309