‘කොවිඩ් 19’ වයිරසයෙන් ආරක්ෂා වීමට, ඇමෙරිකාවේ මාස 6 ත් අවුරුදු 6 ත් අතර වයසේ කුඩා දරුවන් වෙනුවෙන් විශේෂිත එන්නතක් නිපදවා ඇතැයි ‘මොඩර්නා’ ඖෂධ නිෂ්පාදන සමාගම පවසයි.
එන්නත සම්බන්ධයෙන් සිදුකළ සායනික අත්හදා බැලීම් සාර්ථක බවත්, එම අත්හදා බැලීම්වලට අදාල සියලු සායනික වාර්තා ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරියට යොමු කළ බවත් ‘මොඩර්නා’ සමාගම පවසයි. ‘මොඩර්නා’ ඇමෙරිකන් ඖෂධ නිෂ්පාදන සමාගමකි.
එන්නත කුඩා දරුවන්ට ලබා දීමට නම්, ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ සහ ඇමෙරිකන් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ අනුමැතිය එන්නත සඳහා හිමිවිය යුතුය.
අවුරුදු 18 ත් 25 ත් වයස් කාණ්ඩායමට ලබා දෙන්නේ මයික්‍රෝ මිලිග්‍රෑම් 100 ක ‘මොඩර්නා’ එන්නත් මාත්‍රාවකි. මාස 6 ත් අවුරුදු 6 ත් අතර වයස් කාණ්ඩයේ දරුවන්ට ලබා දෙන්නේ මයික්‍රෝ මිලිග්‍රෑම් 25 ක් යැයි ද පැවැසෙයි.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd