‘කොවිඩ් 19’ වයිරසයෙන් ආරක්ෂා වීමට, ඇමෙරිකාවේ මාස 6 ත් අවුරුදු 6 ත් අතර වයසේ කුඩා දරුවන් වෙනුවෙන් විශේෂිත එන්නතක් නිපදවා ඇතැයි ‘මොඩර්නා’ ඖෂධ නිෂ්පාදන සමාගම පවසයි.
එන්නත සම්බන්ධයෙන් සිදුකළ සායනික අත්හදා බැලීම් සාර්ථක බවත්, එම අත්හදා බැලීම්වලට අදාල සියලු සායනික වාර්තා ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරියට යොමු කළ බවත් ‘මොඩර්නා’ සමාගම පවසයි. ‘මොඩර්නා’ ඇමෙරිකන් ඖෂධ නිෂ්පාදන සමාගමකි.
එන්නත කුඩා දරුවන්ට ලබා දීමට නම්, ඇමෙරිකන් ආහාර සහ ඖෂධ පාලන අධිකාරියේ සහ ඇමෙරිකන් ළමා රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ සංගමයේ අනුමැතිය එන්නත සඳහා හිමිවිය යුතුය.
අවුරුදු 18 ත් 25 ත් වයස් කාණ්ඩායමට ලබා දෙන්නේ මයික්‍රෝ මිලිග්‍රෑම් 100 ක ‘මොඩර්නා’ එන්නත් මාත්‍රාවකි. මාස 6 ත් අවුරුදු 6 ත් අතර වයස් කාණ්ඩයේ දරුවන්ට ලබා දෙන්නේ මයික්‍රෝ මිලිග්‍රෑම් 25 ක් යැයි ද පැවැසෙයි.
(රොයිටර්)
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු
මාස 6 ත් අවුරුදු 6 ත් දරුවන්ට ‘මොඩර්නා’