IMG-LOGO

2025 නොවැම්බර් මස 11 වන අඟහරුවාදා


මාස 20 ක් ඇතුළත අයිඑස් ත‍්‍රස්තයෝ 25000 ක් මරුට

ගෙවුණු මාස 20 කට ආසන්න කාලය සැළකීමේදී බි‍්‍රතාන්‍යය,ඇමරිකාව,ප‍්‍රංශය වැනි රටවල් එක්ව දියත් කළ මෙහෙයුම් වලින් අයිඑස් ත‍්‍රස්තයින් 25000 කට ආසන්න සංඛ්‍යාවක් මියගොස් තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

එල්ල වන ප‍්‍රහාර හමුවේ අයිඑස් ත‍්‍රස්තයින් ඔවුන් අත්පත් කරගෙන සිටි බිම් අතහැර පසුබසිමින් සිටින බවත් මේ වන විට අයිඑස් පාලනය යටතේ පැවති උතුරුදිග ඉරාකයේ බිම් වලින් සියයට 40 ක් පමණම අයිඑස් ත‍්‍රස්තයින්ගෙන් නිදහස්ව ඇති බවත් එම වාර්තා වල වැඩිදුරටත් දැක්වේ.

අයිඑස් බලකොටුව ලෙස සැළකෙන සිරියාවේ රකා නුවරට සැළසුම් සහගත ප‍්‍රහාරයක් එල්ල කිරීමේ සූදානමකින් බි‍්‍රතාන්‍යය ඇතුළු රටවල් සිටින බවද විදෙස් මාධ්‍ය වාර්තා අනාවරණය කර තිබේ.

සාමාජිකයින් දහස් ගණනින් මරුමුවට පත්වීමට අමතරව අයිඑස් සංවිධානයට මුහුණදීමට සිදුව තිබෙන තවත් ප‍්‍රධාන ගැටලූවක් ලෙස සඳහන් වන්නේ එම සංවිධානය ආදායම් උපයාගැනීමට යොදාගන්නා තෙල් බිම් වලට නිරන්තරයෙන්ම එල්ල වන ගුවන් ප‍්‍රහාරයන්ය.ආදායම කොතෙක් දුරට පහළ ගොස් තිබේද යත් අයිඑස් සාමාජිකයින් වෙත ගෙවනු ලබන වැටුප් පවා හරි අඩකින් පමණ කප්පාදු කිරීමට සංවිධානයේ නායකයින්ට සිදුව තිබෙන බව සැළය.

සිරියාවේ සිවිල් යුද්ධයත් සමග හිස එසවූ අයිඑස් ත‍්‍රස්තයෝ 2014 වන විට නැගෙනහිර සිරියාවේ සැළකිය යුතු බිම් පෙදෙසක් තම අණසක යටතට ගත්හ.පසුව ඔවුහු ඉරාකය දක්වාම ව්‍යාප්ත වූහ.නව තාක්ෂණය උපරිම අයුරින් භාවිතයට ගත් ඔවුහු නව සාමාජිකයින් බඳවා ගැනීමට බෙහෙවින් යොදාගත්තේ සාමාජ ජාල වෙබ් අඩවිය.

නමුත් තුර්කිය වැනි අසල්වැසි රටවල් දැන් අනුගමනය කරමින් සිටින දැඩි දේශසීමා නීති නිසා සංවිධානයට නව සාමාජිකයින් බදවා ගැනීමද දුෂ්කර වී තිබේ.

වැඩිදුර තොරතුරු හෙළි කළ නොහැකි වුවත් අයිඑස් ත‍්‍රස්තයින් දණ ගැස්වීමේ සමත් ප‍්‍රබල ප‍්‍රහාරයක් ළගදීම එල්ල කිරීමට සැළසුම් කර තිබෙන බව බැග්ඩෑඩයේ සිට අයිඑස් මර්දන මෙහෙයුම් මෙහෙයවන ඇමරිකා හමුදා ප‍්‍රධානියෙක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ.

ISISWAPL-0417-01



අදහස් (0)

මාස 20 ක් ඇතුළත අයිඑස් ත‍්‍රස්තයෝ 25000 ක් මරුට

දීන් Monday, 18 April 2016 04:21 AM

ත්‍රස්තයින් මර්දනය කළ යුතුම දෙයක්. නමුත් මියගිය 25000 න් සියයට 90 ක්ම සාමාන්‍ය ජනතාව.(ම)

:       0       0

ඉන්දික Monday, 18 April 2016 04:50 AM

මැරිලා තියන 25000 පිටසක්වලයෝද? පොලවේ ඉන්නේ අපි වගේ මිනිස්සු නෙමෙයිද? (කෞ)

:       0       0

ජගත් Monday, 18 April 2016 05:35 AM

මේවායින්වත් පාඩම් ඉගෙනගෙන දැන්වත් බඩු මිල අඩුකරලා ජනතා අසහනය නැති කිරීමට කටයුතු කරනවා නම් හොඳයි. (නි)

:       0       0

ජයසිරි Monday, 18 April 2016 06:48 AM

දීන්, ඔව් ඔව් ඔයාලා වගේ අයනේ කියන්නෙ අර ප්‍රභාකරන් සහ එයාගෙ ගෝලයොත් සාමාන්‍ය ජනතාව කියලා (නි)

:       0       0

චතුරි Monday, 18 April 2016 08:07 PM

ලංකාවේ යුද්ධය නතරකළේ රණවිරුවෝ. ඒ වුණාට කියවන්නේ මහින්ද සටන් කළා වගේ (නි)

:       0       0

සුදේශ් Monday, 18 April 2016 08:29 PM

ත්‍රස්තවාදයට තිත තබමු (නි)

:       0       0

විජේසුන්දර Monday, 18 April 2016 09:17 AM

කවුරු වුණත් මේ මැරෙන්නේත් මිනිස්සුනේ (නි)

:       0       0

රජින්ද Sunday, 17 April 2016 06:41 PM

ඇමෙරිකාව, බ්‍රිතාන්‍ය කරපු හරියෙන් තමයි මේතරම් ඔය ත්‍රස්තයෝ බාල් නැටුවේ. රුසියානු ප්‍රහාරය අතිශය සාර්ථක වෙච්ච නිසයි මෙහෙම හරි සිරියාව බේරිලා තියෙන්නේ. නමුත් ඒකෙ ලකුණු ටිකත් ඇමෙරිකාව ප්‍රමුඛ රටවල් වලට බැර කරගන්නයි දැන් ඔය හදන්නේ. (නි)

:       0       0

මොහාන් Sunday, 17 April 2016 06:42 PM

අනේ කවුරුහරි මොනවාහරි ලියන්නකෝ. මැරිලා ඉන්නේ අයිඑස් ත්‍රස්තයෝනේ

:       0       0

ආර්. වික්‍රම Tuesday, 19 April 2016 01:57 AM

එතකොට රුසියාව මොකුත්ම කළේ නැද්ද? (නි)

:       0       0

නිමල් - නිව් යෝර්ක් Monday, 18 April 2016 11:40 AM

රජින්ද දන්නා දෙයක් කතාකරන්න.. රුසියාව පහර දුන්නේ සිරියානු ඒකාධිපතියාට විරුද්ධවුණු සියලු කණ්ඩායම්වලට.. අයි.එස් දුර්වල කලේ 90% ම බටහිර ප්‍රහාර වලින් (අ)

:       0       0

නිපුන් Monday, 18 April 2016 11:44 AM

කස්තුරි අයි.එස් ත්‍රස්තයින්ට අවි හා ආධාර දෙන්නේ සවුදි, කුවේට්, කටාර්, තුර්කිය වගේ රටවල ඉන්න ඉස්ලාම් අන්තවාදී ෂෙයික් වරුන්.. අයි.එස් ලාගේ ප්‍රධාන සතුරාත් බටහිර.. බටහිර රටවලට මැදපෙරදිග සම්පත් සුරා කන්න දෙයක් නෑ, මැදපෙරදිග තෙල් සම්පත ගොඩ ගන්නෙම බටහිර තාක්ෂණයෙන්.. ඔබ ලෝකය ගැන මීට වඩා හදාරන්න (අ)

:       0       0

කස්තුරි Monday, 18 April 2016 02:23 AM

එයාලව හැදුවේ අැමරිකාව ප්‍රමුඛ බටහිර රටවල්. මැදපෙරදිග විනාශ කරලා සම්පත් සූරාකන්න කරපු වැඩ. ලංකාවේ අයටත් ඕවා හොඳ පාඩම් (නි)

:       0       0

සෙනෙවිරත්න Tuesday, 19 April 2016 03:22 AM

මේ ත්‍රස්තවාදය මුළු ලොවටම පිළිලයක් (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 575 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2271 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1704 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site