IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මාංශයෙන් තොරව ගොඩනැගූ මහා ශිෂ්ඨාචාරය

දැවැන්ත පිරමීඩ ගොඩනැගූ පුරාණ ඊජිප්තු වැසියන් නිර්මාංශ ආහාර සංස්කෘතියක් අනුගමනය කළ පිරිසක් බව ලියෝන් විශ්වවිද්‍යාලයේ පර්යේෂකයන් පිරිසක් තහවුරු කැර ඇත. ඔවුන් පවසන්නේ පැරණි මමී 45ක් කාබන් පරමාණු පිළිබඳ අධ්‍යයනයකින් මේ තොරතුරු ලබාගත් බවයි.

මමි බවට පත්කැර ඇති පුද්ගලයන්ගේ සිරුර සම්බන්ධ කාබන් සමස්ථානික පරීක්ෂා කිරීමේ දී පෙනී ගොස් ඇත්තේ බහුලව ධාන්‍ය ලෙසෙ මෙදේරි, පරිප්පු, බාර්ලි, තිරිඟු, මෙදේරි හා සුදු ලූනු භාවිතා කැර ඇති බවයි. සුළු වශයෙන් මසුන් මරා ආහාරයට ගෙන ඇතැයි ද පර්යේෂකයෝ කියති.

ඔවුන් මේ සඳහා ක්‍රිස්තු පූර්ව 3500ත් ක්‍රිස්තු වර්ෂ 600 ත් අතර විසූ ඊජිප්තුවරුන්ගේ මමී 45ක් අධ්‍යයනයට ලක්කැර ඇත. එයින් පෙනීගොස් ඇත්තේ දීර්ඝ කාලයක් ආහාරයට ගෙන ඇත්තේ බාර්ලි හා තිරිඟු ආහාරයට ගත් බවයි.

පර්යේෂකයන් පවසන්නේ එයට සාක්ෂි පිරමීඩ තුළින්ම හමුවන බවයි. එහි ඇති සිතියන් විශාල ප්‍රමාණයක ගොවිතැන් කරන දසුන් චිත්‍රයට නගා ඇත. ඇතැම් තැන් කිහිපයක දැල් හා කොටු භාවිතයෙන් මාළු අල්ලන ආකාරය ද සටහන් කැර තිබේ.

සිතුවම් අනුව පෙනී යන්නේ ඉඩම්වල වැඩකරමින් තිරිඟු අස්වැන්න නෙලාගෙන එමගින් පාන් වැනි ද්‍රව්‍යයක් සාදා ගන්නා බවයි. එම ආහාරය ඔසිරිස් දෙවියාට පූජා කරන බවට චිත්‍රවල දැක්වේ.

 



අදහස් (0)

මාංශයෙන් තොරව ගොඩනැගූ මහා ශිෂ්ඨාචාරය

අජිත් Wednesday, 21 May 2014 09:34 AM

ඊජිප්තු ශිෂ්ටාචාරය තිබුණ කාලේ බුදු දහම තිබුණේ නෑ. (ස)

:       0       0

රූපවති Monday, 19 May 2014 09:36 AM

දැන් සිටින නුතන සිස්ඨාචාරයේ මිනිසුන් මැරෙන්නේ පන අදින ගවයාගේත් ගාතේ කපාගෙන යනවා වගේ. ජාතික වනෝද්‍යානේ අභයදානයට පත් මුවාව මරාගෙන ප්‍රසිද්දියේ රැගෙන යනවා උපන්දින පාටියට උයන්න.(නදී)

:       0       0

සෙලනිකස් Monday, 19 May 2014 05:10 PM

හැබැයි ඊජිප්තු ශිෂ්ඨාචාරයේ විනාශයට හේතුව මාංශ ආහාරයට නොගැනීම කියලත් කෙනෙක් තර්කයක් ගෙනෙන්න පුලුවන් නේද? (නි)

:       0       0

ජේ.සෑම්- නවසීලන්තය Thursday, 22 May 2014 02:10 AM

ආගම් භේදයකින් තොරව ඉතිහාසය කියවිය යුතුයි.ඉතිහාසය මකන්න කාටවත් බැහැ.ඊජිප්තුවේ බුදුදහම අදටත් තිබෙනවා.ඉතිහාසය නොදන්නා අය ජේසුස් නම් බුද්ධ ශ්‍රාවකයා කියන පොත කියවන්න. (නි)

:       1       0

චතිදු නෙත්මින Sunday, 05 June 2016 04:10 AM

මේ ප්‍රවෘත්තියට ස්තූතියි!

:       0       0

ශ්‍රීමතී. Tuesday, 20 May 2014 01:43 AM

දැන්නම් එයාලට මස් මාංශවලින් තොර වූ ලෝකයක් නැහැ.

:       0       0

සුබසිංහ Tuesday, 20 May 2014 01:49 AM

ඒ කාලේ ඊජිප්තුවේ මස් මාංශ නොකාපු නිසා එහෙ හිටියේ බෞද්ධයෝ කියලවත් ඒ බෞද්ධයෝ වෙනත් ආගමකට හරවාගත්ත කියලවත් කවුරුත් කියල නැහැනේ(ස)

:       0       0

හේමන්ත ප්‍රදීප් Tuesday, 20 May 2014 01:39 PM

අද ඔය රටට වෙලා තිබෙන විනාශයට හේතුව තමයි වෛරය,බල තණ්හාව සහ කාමුකත්වයෙන් අන්ධ වූ ජාතියක් සිටීම (නි)

:       0       0

සංජීව Monday, 19 May 2014 11:28 AM

කොච්චර ලස්සනට හිටි ජාතියක්ද දැන් මේ විනාශ වෙලා තියෙන්නේ? (නි)

:       0       0

ලසන්ත Thursday, 22 May 2014 03:00 PM

මක්කම යනු මකුලාරාම පන්සලයි. බුදු පිළිම 4000ක් තිබුණා විශාල පන්සල් 4ක් එහි තිබුණා. මුල්ම රහතන් වහන්සේගේ නම පුණ්‍යා. දැනට අවුරුදු 350 කට විතර මොහොමඩ් නබි තුමා පලස්තීනයේ සිට පැමිණ මෙතන වෙනස් කලා. නමුත් එතුමා බුදු පිලීම කැඩුවේ නැහැ. එතුමාගේ පුත් එබ්‍රහිම් තමයි බුදු පිළිම විනාශ කළේ. කොයි දේ කලත් ලෝක ඉතිහාස විනාස කිරීමට කිසිවෙකුටත් බැරිය. එය නැවත විද්‍යාවේ දියුණුවත් සමග ඉදිරියට එනු ඇත.(නදී)

:       0       0

ප්‍රදීප් Tuesday, 20 May 2014 09:00 AM

එහෙනම් මාළු අල්ලන්නේ විනෝදයට වෙන්න ඇති. (ස)

:       0       0

මහින්ද Monday, 19 May 2014 01:45 PM

ඊජිප්තුව විනාශ කළේ කවුරුන්ද? (නි)

:       0       0

ඩීන් Wednesday, 21 May 2014 01:50 PM

සිල්වා මිසරයේ රහතුන් වැඩ සිටි පින්බිමක් සිරියාව, තුර්කිය අරාබි රටවල් එකල බෞද්දයන් බවට පත්වෙලා සිටියා බුදුන් වහන්සේ මේ හැම රටකම ගමන් කලා. ඊජිප්තු ශිෂ්ටාචාරය තිබුණ කාලේ බුදු දහම තිබුණේ නෑ. සිල්වා . මෝර්සස් නේද? බුදුන් වහන්සේ ගෙ ඒ කාලේ නම.ඒ කාලේ ඊජිප්තුවේ මස් මාංශ නොකාපු නිසා එහෙ හිටියේ බෞද්ධයෝ කියලවත් ඒ බෞද්ධයෝ වෙනත් ආගමකට හරවාගත්ත කියලවත් කවුරුත් කියල නැහැනේ. සිල්වා . (අ) .

:       0       0

නිසාම්දීන් Wednesday, 21 May 2014 01:52 PM

සිල්වා ට මිසරයේ රහතුන් වැඩ සිටි පින්බිමක්. සිරියාව, තුර්කිය අරාබි රටවල් එකල බෞද්ධයන් බවට පත්වෙලා සිටියා. බුදුන් වහන්සේ මේ හැම රටකම ගමන් කළා. ඊජිප්තු ශිෂ්ටාචාරය තිබුණ කාලේ බුදු දහම තිබුණේ නෑ. ඒ කාලේ ඊජිප්තුවේ මස් මාංශ නොකාපු නිසා එහෙ හිටියේ බෞද්ධයෝ කියලවත් ඒ බෞද්ධයෝ වෙනත් ආගමකට හරවාගත්ත කියලවත් කවුරුත් කියල නැහැනේ. (ස) .

:       0       0

සම්පත් Wednesday, 21 May 2014 08:30 PM

සමහර අයට බුද්ධාගම යන වචනය ඇහුණාමත් පුදුම වෙනසක් ඇතිවෙනවා (නි)

:       0       0

සිල්වා Monday, 19 May 2014 09:29 PM

මිසරයේ රහතුන් වැඩ සිටි පින්බිමක් සිරියාව, තුර්කිය අරාබි රටවල් එකල බෞද්දයන් බවට පත්වෙලා සිටියා බුදුන් වහන්සේ මේ හැම රටකම ගමන් කලා. (ස)

:       0       0

අනුර Wednesday, 21 May 2014 03:05 PM

ඊජිප්තුවේ තවම පන්සල් තියෙනව. බුදුන් වහන්සේ ඊජිප්තුවට විතරක් නෙවෙයි ග්‍රීසියට රෝමයට පවා ගීයා. සෞදියේ මක්කම තියෙන්නෙ ශ්‍රී පතුල. ලෝක ඉතිහාස හොදට හොයල බලල ලියන්න !! (ස)

:       0       0

සරත් Tuesday, 20 May 2014 11:35 AM

සිල්වා, ඔය දූපත් මානසිකත්වයෙන් මිදෙන්න. ලෝකයේ කොහේ හෝ නායකයෙක් හෝ සිද්ධියක් සම්බන්ධයෙන් ප්‍රවෘත්තියක් පළවූ විට ඒ හැම එකම තමන්ගේ දේ සමඟ සංසන්දනය කර තමන්ගේ දේ උසස් යැයි අඟවන්න එපා (නි)

:       0       0

ශ්‍රීමාල් Monday, 19 May 2014 04:14 PM

ඊජිප්තුව එකල බෞද්ධ රටක්. තවම පන්සල් තිබෙනවා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 570 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 283 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1084 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site