ඇමෙරිකාව අඟහරුවෙත යැවූ මාවෙන් අභ්‍යාවකාශ යානය අඟහරුගේ වටා සාර්ථකව කක්ෂගත වූ බව නාසා ආයතනය පවසයි.

එය ඉලිප්සාකාර මාර්ගයක රැඳවීමෙන් පසු අඟහරුවටා යාමට පැය 35ක් ගතවන බව ද පර්යේෂකයෝ කියති. ඉදිරි සති කිහිපයේ දී වඩාත් සාර්ථකව පර්යේෂණ කිරීමට අඟහරු ග්‍රහයාට වඩාත් සමීප වෙමින් පහළ කක්ෂයකට ගමන් කිරීමට නියමිත මාවෙන් පැය 4.5 ක කාලයක දී අඟහරු වටා ගමන් කරනු ඇත. එවිට යානයත් අඟහරු පෘෂ්ඨයත් අතර දුර කිලෝ මීටර 150ක් පමණ වනු ඇතැයි නාසා ආයතනය පවසයි.

ඉන්පසු නැවතත් කිලෝ මීටර 6200ක් දක්වා ඉවතට ගමන් කිරීමට නියමිතය. එහිදී යානයේ ගෙනගිය උපකරණ නිසි පරිදි ක්‍රියාත්ක වන්නේ ද යන්න පරික්ෂා කිරීමට ද නියමිතය.

රතු ග්‍රහයාට සූර්යයාගේ බලපෑම කෙසේදැයි යන්න සොයා බැලීම මේ යානයේ අරමුණකි. එසේ ම ග්‍රහයාට හා එහි වායුගෝලයට කෙතරම් සූර්ය බලයක් ලැබෙන්නේ ද යන්නත් අධ්‍යයනය කිරීමට නියමිතය. මාවෙන්ගේ ප්‍රධාන කාර්යය වී ඇත්තේ අඟහරුගේ කාලගුණ තත්ත්වය අධ්‍යයනය කිරීමයි.