IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මාවෙන් අඟහරුට සමීප වෙයි

ඇමෙරිකාව අඟහරුවෙත යැවූ මාවෙන් අභ්‍යාවකාශ යානය අඟහරුගේ වටා සාර්ථකව කක්ෂගත වූ බව නාසා ආයතනය පවසයි.

එය ඉලිප්සාකාර මාර්ගයක රැඳවීමෙන් පසු අඟහරුවටා යාමට පැය 35ක් ගතවන බව ද පර්යේෂකයෝ කියති. ඉදිරි සති කිහිපයේ දී වඩාත් සාර්ථකව පර්යේෂණ කිරීමට අඟහරු ග්‍රහයාට වඩාත් සමීප වෙමින් පහළ කක්ෂයකට ගමන් කිරීමට නියමිත මාවෙන් පැය 4.5 ක කාලයක දී අඟහරු වටා ගමන් කරනු ඇත. එවිට යානයත් අඟහරු පෘෂ්ඨයත් අතර දුර කිලෝ මීටර 150ක් පමණ වනු ඇතැයි නාසා ආයතනය පවසයි.

ඉන්පසු නැවතත් කිලෝ මීටර 6200ක් දක්වා ඉවතට ගමන් කිරීමට නියමිතය. එහිදී යානයේ ගෙනගිය උපකරණ නිසි පරිදි ක්‍රියාත්ක වන්නේ ද යන්න පරික්ෂා කිරීමට ද නියමිතය.

රතු ග්‍රහයාට සූර්යයාගේ බලපෑම කෙසේදැයි යන්න සොයා බැලීම මේ යානයේ අරමුණකි. එසේ ම ග්‍රහයාට හා එහි වායුගෝලයට කෙතරම් සූර්ය බලයක් ලැබෙන්නේ ද යන්නත් අධ්‍යයනය කිරීමට නියමිතය. මාවෙන්ගේ ප්‍රධාන කාර්යය වී ඇත්තේ අඟහරුගේ කාලගුණ තත්ත්වය අධ්‍යයනය කිරීමයි.



අදහස් (0)

මාවෙන් අඟහරුට සමීප වෙයි

රූපවතී Monday, 22 September 2014 05:42 PM

කොහොමහරි කමක් නැහැ, මිනිසුන්ට හුස්ම ගන්න පුලුවන්ද කියලා අපිට දන්වන්න. බඩු මිල කොච්චර ඉහළ ගියත් කමක් නැහැ. මරණ බයෙන් තොරව ජීවත්වෙන්න පුළුවන් එහේ. මමත් යනවා පවුල පිටින්ම (නි)

:       0       0

සුනිල් මාපලගම Wednesday, 24 September 2014 07:09 AM

මම හිතුවේ අපේ මාවෙන් අතපත්තු අඟහරු ලෝකෙට ගියා කියලා. දැන් තමා හරියට වැටහුනේ (නදී)

:       0       0

මංගලම් Tuesday, 23 September 2014 08:45 AM

දැන් රූපවති හුස්ම ගන්නේ කොහෙන්ද? (ස)

:       0       0

ජයසිරි මනිමේන්ද්‍ර Tuesday, 23 September 2014 03:58 AM

රුපවතී කොහොමද යන්නේ බස් එකෙන්ද කෝච්චියෙන්ද ? (නදී)

:       0       0

පුබුදු Tuesday, 23 September 2014 04:22 AM

මම හිතන්නේ මෙයත් නාසා ආයතනයේ විශිෂ්ට ක්‍රියාවක් වේවි. ඔවුන් දැනටමත් මිනිසාගේ ඉදිරි ගමනට ලබා දී ඇති දායකත්වය ඉමහත්. (නදී)

:       0       0

රූපවතී Tuesday, 23 September 2014 05:21 AM

නාසා ආයතනයට අපි එයාල ඉල්ලන ගාන ගෙව්වොත් එයාල අපිව බස් එකෙන් හරි ගෙනිහින් දමාවි. හුස්ම ගන්න පුලුවනි නම් ඒ ඇති. (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 590 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 291 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1092 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site