IMG-LOGO

2025 නොවැම්බර් මස 12 වන බදාදා


මව ගින්නට බිලිවෙයි : දරුවෝ වතුරට බිලිවෙති

ඇමරිකාවේ ශාන්ත ලුවි හි කාන්තාවක් විසින් තම නිවස ගිනිගැනීමට පෙර සිය දරුවන් දෙදෙනා නාන බේසමක් තුල ගිල්වූ සිද්ධියක් වාර්තා වූ අතර එම සිදුවීම ඇය හිතාමතාම සිදු කර ඇති බව පෙනී යන බව එම නගරයේ පොලිස් නිලධාරීන් පවසයි.

එය ගින්නෙන් තම දරුවන් මිය ගිය බව ඇගවීමට සිදුකළ රගපෑමක් බවට තොරතුරු හෙළි වන බවද එහි සදහන් වේ. නමුත් සිදුවීමෙන් එම කාන්තාවද මිය ගොස් ඇති අතර පොලිස් නිලධාරීන් සහ ගිනි නිවන භටයන් එම නිවස වෙත පැමිණෙන විට දරුවන් දෙදෙනාගේ මළසිරුරු නාන බේසමේද එම කාන්තාවගේ මළසිරුර ගින්නට හේතු වී ඇති ගෑස් නලය අභියස දොරක් අසල තිබී ද හමු විය.

සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ජෝර්ධි හයින්ස් (10) සහ හැවිරිදි ජධා හයින්ස් (05) මෙන්ම ජෙනි අයර්ස් (37) යන තිදෙනා ය. එම නිවසේ ජීවත්ව ඇත්තේ ඔවුන් තිදෙනා පමණක් බවත් එම සිද්ධියට බාහිර පුද්ගලයන්ගේ සම්බන්ධයක් නැති බවත් පොලිසිය පවසයි.එම දරුවන් දෙදෙනා ජලයේ ගිලීමෙන් මිය ගිය බවත් එම කාන්තාව පිළිස්සුම් තුවාල නිසා මිය ගිය බවත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී ඇත. එමෙන්ම එම කාන්තාවගේ සහෝදරයා පොලිසිය වෙත ලබා දී ඇති විස්තර මගින් ඇය දරුවන් දෙදෙනා ඝාතනය කිරීම සම්බන්ධව තවත් සැක මතු වන බව නිලධාරීහු පවසති. ඇය නිතරම කලහකාරී බවත් ඇය නිතරම දරුවන් සමග රණ්ඩු කරන අතර මත්ද්‍රව්‍ය ගැනීමේ ඉතා නරක පුරුද්දක් ඇයට තිබු බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.එමෙන්ම ඔවුන් ඇයව පුනරුත්ථාපනය සදහාද යොමු කර තිබු බව ඔහු සදහන් කර තිබේ.



අදහස් (0)

මව ගින්නට බිලිවෙයි : දරුවෝ වතුරට බිලිවෙති

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 582 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2273 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1706 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site