ඇමරිකාවේ ශාන්ත ලුවි හි කාන්තාවක් විසින් තම නිවස ගිනිගැනීමට පෙර සිය දරුවන් දෙදෙනා නාන බේසමක් තුල ගිල්වූ සිද්ධියක් වාර්තා වූ අතර එම සිදුවීම ඇය හිතාමතාම සිදු කර ඇති බව පෙනී යන බව එම නගරයේ පොලිස් නිලධාරීන් පවසයි.
එය ගින්නෙන් තම දරුවන් මිය ගිය බව ඇගවීමට සිදුකළ රගපෑමක් බවට තොරතුරු හෙළි වන බවද එහි සදහන් වේ. නමුත් සිදුවීමෙන් එම කාන්තාවද මිය ගොස් ඇති අතර පොලිස් නිලධාරීන් සහ ගිනි නිවන භටයන් එම නිවස වෙත පැමිණෙන විට දරුවන් දෙදෙනාගේ මළසිරුරු නාන බේසමේද එම කාන්තාවගේ මළසිරුර ගින්නට හේතු වී ඇති ගෑස් නලය අභියස දොරක් අසල තිබී ද හමු විය.
සිද්ධියෙන් මිය ගොස් ඇත්තේ ජෝර්ධි හයින්ස් (10) සහ හැවිරිදි ජධා හයින්ස් (05) මෙන්ම ජෙනි අයර්ස් (37) යන තිදෙනා ය. එම නිවසේ ජීවත්ව ඇත්තේ ඔවුන් තිදෙනා පමණක් බවත් එම සිද්ධියට බාහිර පුද්ගලයන්ගේ සම්බන්ධයක් නැති බවත් පොලිසිය පවසයි.එම දරුවන් දෙදෙනා ජලයේ ගිලීමෙන් මිය ගිය බවත් එම කාන්තාව පිළිස්සුම් තුවාල නිසා මිය ගිය බවත් මරණ පරීක්ෂණයෙන් තහවුරු වී ඇත. එමෙන්ම එම කාන්තාවගේ සහෝදරයා පොලිසිය වෙත ලබා දී ඇති විස්තර මගින් ඇය දරුවන් දෙදෙනා ඝාතනය කිරීම සම්බන්ධව තවත් සැක මතු වන බව නිලධාරීහු පවසති. ඇය නිතරම කලහකාරී බවත් ඇය නිතරම දරුවන් සමග රණ්ඩු කරන අතර මත්ද්‍රව්‍ය ගැනීමේ ඉතා නරක පුරුද්දක් ඇයට තිබු බවත් ඔහු ප්‍රකාශ කර තිබේ.එමෙන්ම ඔවුන් ඇයව පුනරුත්ථාපනය සදහාද යොමු කර තිබු බව ඔහු සදහන් කර තිබේ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd