පසුගිය මාර්තු මාසයේදී අතුරුදන්ව මේ දක්වාම කිසිදු තොරතුරක් සොයාගැනීමට නොහැකිව තිබෙන මැලේසියා ගුවන්සේවයට අයත් එම්.එච් 370 ගුවන්යානය මගීන් සමගම විනාශ කර ඇතැයිද එම විනාශ කිරීම පසුපස සිටින්නේ ඇමරිකාව යැයිද ඇමරිකා ලේඛකයකු වන මාර්ක් ඩුගේන් කියයි.
මෙම යානය සැප්තැම්බර් 11 ඇමරිකා ලෝක වෙළඳ මධ්‍යස්ථානයට එල්ලවූ ප‍්‍රහාරය හා සමාන ප‍්‍රහාරයකට යොදාගැනීමේ සැලසුමක් අනාවරණය වීම නිසා මෙසේ විනාශ කර දමා ඇති බව ඔහු පවසයි.
ඔහුට අනුව යානය විනාශ කර ඇත්තේ ඇමරිකා නාවුක කදවුරක් පිහිටි ඩියේගෝ ගාර්සියා දූපත ආසන්නයේදීය. යානය මේ දූපත ආසන්නයෙන් පියාසර කර ඇතැයි මීට පෙරද සැක කෙරුණු අතර එසේ වුවත් කඳවුරේ රේඩාර් උපකරණයෙන්ගේ සටහන්ව තිබූ තොරතුරු යානය සොයා සිදුවන පරීක්ෂණ කටයුතු සඳහා ලබාදීම ඇමරිකාව ප‍්‍රතික්ෂේප කළේය.
මේ පිළිබඳ වැඩිදුරටත් තොරතුරු සෙවීමේ නිරතව සිටින තමා හට දැන් ජීවිත තර්ජනයන් පවා එල්ලවෙමින් තිබෙන බව සඳහන් කරන මාර්ක් ඩුගේන් වරෙක ලැබුණු ඇමතුමකින් ‘වැඩිය කරදර නොවන්න.කාලයට ඉඩදී නිකන් ඉන්න‘ යැයි පැවසුනු බවද කියයි.
අලූත් පොතක් එළිදැක්වීමට ගන්නා උත්සාහයක් ලෙස සලකමින් ඔහුගේ අදහස් බැහැර කිරීමට බහුතරයක් කටයුතු කර ඇතත් ඇතැමෙක් ඒවායේ ගතයුතු යමක් තිබෙන බව පවසයි.
අතුරුදන්වූ යානය සම්බන්ධව කිසිදු තොරතුරක් මේ දක්වාම සොයාගැනීමට නොහැකිවී තිබීම ඇත්තෙන්ම අභිරහසකි. ඕස්ටේ‍්‍රලියාව, ඉන්දුනීසියාව ඇතුලූ රටවල් ඩොලර් ලක්ෂ ගණන් පිරිවැය දරමින් තවමත් යානය සොයා මෙහෙයුම් කටයුතු කි‍්‍රයාත්මක කරමින් සිටියද,එම මෙහෙයුම් කටයුතු දිනෙන් දින යාවත්කාල කිරීම සිදුකළද, ඒවායින් ප‍්‍රතිඵල අත්වන බවක් පෙනෙන්නට නැත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇමරිකාව ඔච්චර පහත දේ කරන්න කැමති ද පරීක්ෂණ නොමග යැවීමක් (බ)
ඇයි අපේ කෙනෙකුත් කිවුවාලු නේද මේ යානය එක පැහැරගෙන ගියා කියලා? (නි)
මේක නම් පුදුම වැඩක් (නි)
මේ කතාව ඇත්තක් වන්නට ඉඩ තිබෙනවා. ඇමරිකාව අතීතයේ සිට අද වනතුරු කරපු සහ කරන්නා වූ දේවල් දුටුවම (නදී)
උපාලි විජේවර්ධනටත් උනේ ඔහොම දෙයක් තමයි. (ස)
මට ඔය ගැන ඊට කලින්ම සැක තිබුන. මොකද මෙම යානය මාලදිවයිනට ඉහලින් අහසේ තරමක් පහතින් ගිය බවට එහි පුද්ගලයන් වාර්තා කරතිබුන. එම ගිය දිශාව අනූව යා යුත්තේ දියාගෝ ග්‍රීසිය පැත්තට. (අ)
මේක වැඩ කරනවද? (ස)
ග්‍රහලෝක වල තිබෙන දේවල් හොයන්න පුළුවන් රටවලට අපේ ලෝකයේ දේවල් හොයන්න බැරි එක ලොකුම බොරුවක්. කවුරුහරි පිටුපස ඉන්නවා මේකේ. (නි)
අනිල් මටත් කියන්ඩකෝ ඔයා අංජනම බලපු ස්ථානයේ නම හදිස්සි අවස්ථාවකට යන්ඩ (බ)
මම මේ ගැන මාස ගණනකට කලිනුත් කිවුවා (නි)
ඇමෙරිකාවට බැන බැන, උදව් ගන්න එක, බෙහෙත් ගන්න යන එක ඉගෙන ගන්න යන එක තමා අපේ අය කරන්නේ. (නදී)
කුමාර් ඔබ හරි. එයාල මේ වගේ වැඩ වලට හරිම දක්ෂයෝ (නදී)
අර දින 3 කින් පසු තොරතුරක් ලැබෙනවා කියූ චන්ද්‍රසිරි බන්ඩාර කෝ. එයාගෙන් එපායැ මේවා අහන්න. (නදී)
ඇමරිකාව, ලෝකයට පිළිකාවක්. (නදී)
එක්සත් ජාතීන්ගේ මහා ලේකම් කෙනෙකුත් කොන්ගෝ ප්‍රශ්නය වෙලාවේ ගුවන් යානයෙන් යද්දී විනාශ කරා (නදී)
යානාවත් මගීනුත් ජීවතුන් අතර, අංජනමකින් බැලුවා. (නදී)
මේ ගුවන්යානය තවමත් සඟවා තිබෙන බවත් කීප දෙනෙක් මියගොස් ඇතිබව පමණක් කිවහැකියි. ඇමරිකාව කියන්නේ ගුවන්යානා එකක් නොවෙයි දහයක් වුණත් සඟවා තබාගන්න හැකි ප්‍රදේශ තියෙන රටක්. (අ)
මේ වගේ වැඩ වලින් තමයි ඇමෙරිකාව බලවතෙක් වෙන්නේ. (අ)
තමන්ගේ රටට ප්‍රහාරයක් එල්ල කරන්න එනවා නම් පහර දෙන්නේ නැතුව වෙන මොනවා කරන්නද? (නි)