මලයාසියා ගුවන් සමාගම සිය සේවකයන් 20,000ක් පමණ පිරිසෙන් 6,000ක් ඉවත්කිරීමට කටයුතු කැර ඇත. එක් යානයක් අතුරුදන්වීමෙන් හා තවත් යානයක් කඩා වැටීමෙන් පසු ගුවන් සමාගමට විඳින්නට සිදුව ඇති පාඩුව පියවා ගැනීමට මේ පියවර ගෙන ඇත.
ගුවන් සමාගමේ අයිතිය ද සම්පූර්ණයෙන් ම රජයට පවරා ගැනීමට නියමිත අතර ප්‍රධාන විධායක නිලධාරියකු ද ඉදිරි දින කිහිපයේ දී පත්කැරෙනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
පසුගියදා අතුරුදන් එම්.එච්. 370 යානය ගැන සෙවීමේ කටයුතු දිගටම සිදුකරන බව ද මලයාසියා රජය පවසයි. යුක්රේණයේදි අනතුරට පත් එම්එච් 17 ගුවන් යානය සම්බන්ධ විමර්ශන ද මෙතෙක් අවසන් වී නැත.
මෙම පාඩුව පියවා ගැනීමට තබන පියවර සඳහා මැලේසියානු රින්ගිට් බිලියන හක් හෙවත් ඩොලර් බිලියන 1.9 ක් වැයකල යුතුව තිබේ. මෙම ගුවන් සමාගම නැවතත් ලාබ ලබන තත්වයට ගෙන ඒමට සැලසුම් කැර ඇත්තේ 2018 වර්ෂයේ දී ය.
2025 දෙසැම්බර් මස 18
586
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
289
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1089
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
මැලේසියා ගුවන් සමාගමේ සේවකයන් ඉවතට
ඉසුරන්දි Saturday, 30 August 2014 11:51 AM
කොහෙත් ඔහොම තමයි.පහත තැනින් තමයි ඔක්කොම කුණුකන්දල් ගලාගෙන යන්නේ. (අ)
දේවා Friday, 29 August 2014 03:42 PM
අපිත් මේ පාරෙම ගියා නම් හොඳ නැද්ද? (නි)
සිරි Friday, 29 August 2014 04:07 PM
ගුවන් යානා දෙකක් අනතුරට පත්වුණාම ඔය විදියට පාඩු වුණා නම් , පසුගිය යුද සමයේ ශ්‍රී ලන්කන් ගුවන් යානා කීයක් විනාශ වුණාද? (නි)
සෑම් Saturday, 30 August 2014 02:39 PM
අපේ රටේ ඒවා ආදර්ශයට ගන්නකො (නි)
සිල්වා Sunday, 31 August 2014 10:20 AM
අපේ ගුවන් සේවය නම් කොච්චර පාඩු ලැබුවත් සේවකයෝ නම් අලුතෙන් බඳවා ගන්නව , මොකද අපේ මහා භාණ්ඩ ගාරේ මුදල් පිරිලා තිබෙනවානේ , මේ ක ආසියාවේ අශ්චර්යනේ , මැලේසියාවේ එහෙම නෙවෙයිනෙ (අ)
බහනු Friday, 29 August 2014 11:00 PM
තමන්ගේ සේවාවේ අකාර්යක්ෂමතා සහ දුර්වලතා හඳුනා ගෙන පිළියම් යොදනු වෙනුවට හැම ප්‍රශ්නයටම උත්තරය ලෙස සේවක කප්පාදුව නම් හරියන්නේ නැහැ. (අ)