මැලේසියා ගුවන් සමාගම බංකොලොත් භාවයට පත්ව ඇති බැවින් එහි සේවකයන් 20,000 සිට 14,000 දක්වා 6,000කින් අඩු කරණ බව එම සමාගමේ ප්‍රධාන විධායක ක්‍රිස්ටෝපර් මුලර් පවසයි. පසුගිය මැයි මාසේය් දී ගුවන් සමාගමේ නව ප්‍රධාන විධායක නිලධාරී ලෙස පත්ව ආ මුලර් පවසන්නේ සේවකයන් ප්‍රමාණය අඩුකිරීමනේ ගුවන් යානා මෙහෙයුම්වලට බාධාවක් නොවන බවයි.
සමාගම මේ තත්ත්වයට පත්ව ඇත්තේ පසුගිය වසරේ සිදුවූ ගුවන් යානා අනතුරු හේතුවෙනි.
පසුගිය වසරේ මාර්තු මාසයේදී මැලේසියානු ගුවන් සමාගමේ එම්එච් 370 ගුවන් යානය මගීන් 239 ක් සමග අතුරුදන් විය. තවමත් මෙම ගුවන් යානය ගැන කිසිදු තොරතුරක් නොමැත. ඊට මාස හතරකට පසු එම්එඩ් 17 ගුවන් යානය යුක්රේන ගුවන් පථයේදී එල්ල වුනු මිසයිල් ප්‍රහාරයකින් මගීන් 298 ක් සමග විනාශ විය.
මේ හේතුවෙන් කලාපයේ ඇති තරඟකාරිත්වය හමුවේ වසර කීපයක්ම පාඩු ලැබු මැලේසියානු ගුවන් සමාගමට තවත් අහිතකර තත්වයක් උදාවිය.
මැලේසියානු ගුවන් සමාගම සැප්තැම්බර පළමුවැනි දා සිට නව වෙළඳ නාමයකින් කටයුතු කිරීමට සැලසුම් කර තිබේ. කෙසේ වෙතත් මෙහි නාමය හා සළකුණ වෙනස් කරණවා ද නැද්ද යන්න පිලිබඳ තවම කිසිවක් ප්‍රකාශ කල නොහැකි බව මුලර් පවසා තිබේ.
කෙසේ වෙතත් මැලේසියානු ගුවන් සමාගම දැන් සායම් සේදුනු මලානික වෙළඳ නාමයක් බවට පත්ව ඇතැයි ද ප්‍රධාන විධායක පවසා තිබේ.
ඔහු වැඩි දුරටත් පවසා ඇත්තේ ඇතැම් ගමනාන්තයන් දක්වා දිවෙන ගුවන් ගමන් ප්‍රමාණය අඩු කරණ බවත් ඇතැම් ගුවන් ගමන් සඳහා යොදා ගන්නා විශාල ගුවන් යානා වෙනුවට කුඩා ගුවන් යානා යෙදවීමට බලාපොරොත්තු වන බවත්ය.
ගුවන් ගමන් වාර අඩු කිරීමට පෙර තමන් තවත් ගුවන් සමාගමක් සමග හවුලේ ව්‍යාපාරයක් ඇරඹීමට බලාපොරොත්තු වන බවද මේ සඳහා සාකච්ඡා ලබන සතියේදී ආරම්භ කරණ බවද හෙතෙම කියා තිබේ.
තමන්ගේ සැලසුම 2015 දි පාඩු අවම කර ගැනීමෙන් ඊළඟ වසරේදී ස්ථාවර තත්වයකට පත්කරලීමට මෙන්ම නැවත සාර්ථකව ලාභදායි ලෙස 2017 සිට මෙම ගුවන් සමාගම ඉදිරියට ගෙන යාම බව මුලර් මාධ්‍යයට පවසා තිබේ. මැලේසියානු ගුවන් සමාගමේ ප්‍රධාන විධායක ලෙස මුලර් පත්වීමෙන් පසු ප්‍රසිද්ධියේ ඔහු මාධ්‍ය හමුවක් පැවැත්වු ප්‍රථම අවස්ථාව මෙයයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අපේ කට්ටියගෙන් උපදෙස් ගත්තනම් මෙහෙම වෙන්නේ නෑ. (ර)
තියෙන ශ්‍රී ලංකන් එක නඩත්තු කොරන්න දන්නෙති මේ අයගෙන කිසිම අදහසක් මැලේසියන් අයට ඕනේ නැහැ. (නදී)