ටන්සේනියාවේ පෙම්බා දුපතේ දී හමුවූ ගුවන් යානයේ කොටස් 2014 දී අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානයේ කොටස් බවට අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා වාර්තා කරයි.
2014 මාර්තු මස මගීන් 239 ක් සමග අතුරුදහන් වූ යානය මැලේසියානු ගුවන් සමාගමට අයත් ගුවන් යානයකි.
එම කොටස් හමු වී තිබුනේ මේ වසරේ ජුනි මාසයේදී ය.පරීක්ෂණ සදහා එම කොටස් යොමු කල අතර ඉන් අනතුරුව එම කොටස් අතුරුදහන් වූ එම යානයේ බවට අනාවරණය විය. යානය අතුරුදහන් වී වසර දෙකකට අධික කාලයක් ගතවී ඇතත් තවමත් පරීක්ෂණ අවසන් කිරීමට නොහැකි වී තිබේ. ගුවන් යානයට සිදුවූ දේ තවමත් අභිරහසක් ව පවතින අතර වසර දෙකකට අධික කාලයක තුල කරන ලද පරීක්ෂණ නැවත පණ ගැන්වීමට මෙම සොයාගැනීම ඉවහල් වනු ඇතැයි බලධාරීහු පවසති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ග්‍රහලෝකයක් හොයාගන්න එක වෙනම දෙයක්. මේක ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. හැමදේකම වැරදි දකින්න එපා. හැමදේකම පොඩි හොඳක්වත් දකින්න පුරුදු වෙන්න. එතකොට සතුටෙන් ඉන්න පුළුවන්. වැරදි හොයන්න හොයන්න කොතන කොයි වෙලෙත් පෙනෙන්නේ වැරදිමයි. එතකොට හිතට එන්නේ තරහක් නේද? (නි)
මදැයි මේක හොයාගන්න ගිය කල්! (නි)
පහන්, පොඩ්ඩක් ඔළුව අතගාලා බලන්න මොකුත් වෙනසක් වේගන එනවද කියලා. (නි)
පහන්, ග්‍රහලෝකයක් හොයාගන්න එක වෙනම දෙයක්. මේක ඊට හාත්පසින්ම වෙනස් දෙයක් (නි)
ඒ වුණාට පෘථිවියට සමාන තව ග්‍රහලෝකයකුත් හොයාගත්තේ? විශ්වය ජයගන්න හදනවා. කඩාවැටුණු ෆ්ලයිට් එක හොයාගන්න බැහැ (නි)