ටන්සේනියාවේ පෙම්බා දුපතේ දී හමුවූ ගුවන් යානයේ කොටස් 2014 දී අතුරුදහන් වූ මැලේසියානු ගුවන් යානයේ කොටස් බවට අනාවරණය වී ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා වාර්තා කරයි.
2014 මාර්තු මස මගීන් 239 ක් සමග අතුරුදහන් වූ යානය මැලේසියානු ගුවන් සමාගමට අයත් ගුවන් යානයකි.
එම කොටස් හමු වී තිබුනේ මේ වසරේ ජුනි මාසයේදී ය.පරීක්ෂණ සදහා එම කොටස් යොමු කල අතර ඉන් අනතුරුව එම කොටස් අතුරුදහන් වූ එම යානයේ බවට අනාවරණය විය. යානය අතුරුදහන් වී වසර දෙකකට අධික කාලයක් ගතවී ඇතත් තවමත් පරීක්ෂණ අවසන් කිරීමට නොහැකි වී තිබේ. ගුවන් යානයට සිදුවූ දේ තවමත් අභිරහසක් ව පවතින අතර වසර දෙකකට අධික කාලයක තුල කරන ලද පරීක්ෂණ නැවත පණ ගැන්වීමට මෙම සොයාගැනීම ඉවහල් වනු ඇතැයි බලධාරීහු පවසති.
2025 නොවැම්බර් මස 04
619
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2309
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1717
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මැලේසියා ගුවන් යානයේ කොටස් හමුවේ?
ආරියසේන Friday, 16 September 2016 02:03 PM
ග්‍රහලෝකයක් හොයාගන්න එක වෙනම දෙයක්. මේක ඊට හාත්පසින්ම වෙනස් දෙයක්. හැමදේකම වැරදි දකින්න එපා. හැමදේකම පොඩි හොඳක්වත් දකින්න පුරුදු වෙන්න. එතකොට සතුටෙන් ඉන්න පුළුවන්. වැරදි හොයන්න හොයන්න කොතන කොයි වෙලෙත් පෙනෙන්නේ වැරදිමයි. එතකොට හිතට එන්නේ තරහක් නේද? (නි)
බෙනට් Friday, 16 September 2016 02:07 PM
මදැයි මේක හොයාගන්න ගිය කල්! (නි)
ජගත් Friday, 16 September 2016 03:59 PM
පහන්, පොඩ්ඩක් ඔළුව අතගාලා බලන්න මොකුත් වෙනසක් වේගන එනවද කියලා. (නි)
ජයාත් Friday, 16 September 2016 02:47 AM
පහන්, ග්‍රහලෝකයක් හොයාගන්න එක වෙනම දෙයක්. මේක ඊට හාත්පසින්ම වෙනස් දෙයක් (නි)
පහන් Thursday, 15 September 2016 05:59 PM
ඒ වුණාට පෘථිවියට සමාන තව ග්‍රහලෝකයකුත් හොයාගත්තේ? විශ්වය ජයගන්න හදනවා. කඩාවැටුණු ෆ්ලයිට් එක හොයාගන්න බැහැ (නි)