මැලේසියා  අගමැති නජීබ් රසාක් එරට රාජ්‍ය ආයෝජන අරමුදලේ මහා පරිමාණ වංචාවක් සම්බන්ධයෙන් චෝදනා ලබා ඇති බවට විදෙස් මාධ්‍ය වාර්තා කළේය. මෙම චෝදනා මධ්‍යයේ ඔහු ජාත්‍යන්තරව සහ අභ්‍යන්තරව දැඩි පීඩනයකට ලක්ව ඇති බව සදහන් වේ.

එම අරමුදල මැලේසියා  ආර්ථිකය සවිබල ගැන්වීම සදහා 2009 වසරේ දී නජිබ් විසින් ආරම්භ කරන ලදී. එහෙත් එමගින් දැවැන්ත පරිමානව ම වංචාවක් සිදුව ඇති බව සාක්ෂි මගින් අනාවරණය වෙන බව එක්සත් ජනපද නීතිපති ලොරේටා ලින්ච් පැවසිය.

  අරමුදලට අදාළ වත්කම් ඩොලර් බිලියනයකට කට වඩා වැඩි මුදලක් හෙළි කරගැනීමට එක්සත් ජනපද බලධාරීහු සමත් වූහ. කෙසේවෙතත් එරට අගමැතිවරයා එම චෝදනා ප්‍රතික්ෂේප කරයි.

සෞදි අරාබියේ ඇතුළු විදේශ රටවල ආයතන සමග ආයෝජන හා යටිතල පහසුකම් ගනුදෙනු මගින් ආර්ථිකය ඉහල නැංවීමට ඉලක්ක කළ මෙම ගිණුමේ මුදල් අයුතු ලෙස භාවිත කර ඇති අතර එම මුදල් ඇමෙරිකාව,ස්විට්සර්ලන්තය සහ සිංගප්පූරුවේ ගිණුම් හරහා හුවමාරු වී ඇති බවත් සදහන් වේ.