මලේසියාවේ අගමැති නජීබ් රසාක් ට එල්ල වූ නීති විරෝධී මුදල් පරිහරණ චෝදනාවලින් නිදහස් කිරීමට ගත් තීරණය යළි සළකා බැලීමට අවශ්‍ය බව මැලේසියාවේ දූෂණ විරෝධී නියෝජිත ආයතන පවසයි.
ඇමෙරිකන් ඩොලර් ලක්ෂ ගණනක් ලබා ගැනීමක් සම්බන්ධයෙන් අගමැති වරයාට චෝදනා එල්ල වී තිබිණි. එම චෝදනාවේ දැක්වෙන්නේ 2013 පාර්ලිමේන්තු මැතිවරණයට පෙර නජීබ් රසාක් සෞදි ආරාබි රජ පවුලෙන් ඩොලර් මිලියන 700ක් ලබාගෙන ඇති බවයි. කෙසේ වෙතත් අගහරුවාදා එරට නිතිපතිවරයා කියා සිටියේ අගමැතිවරයා විසින් නීතිය උල්ලංඝණය කර ඇති බවට කිසිදු සාක්ෂියක් ලැබී නොමැති බවයි.
චෝදනා එල්ලවීමත් සමග අගමැතිවරයා ඉවත් කළ යුතුයැයි කියමින් ජනතා රැල්ලක් ද නිර්මාණය වී ඇත. මේ තත්ත්වය හේතුවෙන් අගමැතිවරයා නිදහස් කිරීම ගැන බොහෝ දෙනකු සැක මුසුව බලනු ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාව වගේ තමයි බලනකොට (නි)