නැගෙනහිර යුක්රේනයේ දී කඩා වැටුණු මලයාසියා එම්.එච්.17 ගුවන්යානයේ කළු පෙට්ටිය හා සුන්බුන් විශ්ලේෂණය කළ ඕලන්ද ආරක්ෂක මණ්ඩයල සිය වාර්තාව නිකුත් කැර ඇත. එම වර්තාවෙන් පෙන්වා දෙන්නේ යානයට මිසයිලය වැදී නැති බවයි.
යානය වෙත එල්ල වූ මිසයිලය ගුවන්යානය ආසන්නයේ දී පුපුරාගොස් එමගින් නිකුත් වූ විවිධ කොටස් යානය අධික වේගයකින් යානය පසාරු කරගෙන ගොස් ඇති බවත් එම වාර්තාවෙන් පෙන්වා දෙයි.
ඇම්ස්ටර්ඩෑම් නගරයේ සිට ක්වාලාලම්පූර් දක්වා පියාසර කරමින් තිබූ මේ යානය මගීන් සහ කාර්ය මණ්ඩලය ඇතුළුව 298 දෙනකු සමග විනාශ වී ගියේය.
මෙම මූලික වාර්තාව පිලියෙල කිරිම සදහා ඕලන්ද ගුවන් ගමන් විමර්ෂකයන් විසින් අනතුරට පත් යානයේ කළු පෙට්ටියේ දත්ත, ගුවන් ගමන් පාලක දත්ත සහ චන්ද්‍රිකා ප්‍රතිබිම්බ මෙන්ම ඡායාරූපද විශ්ලේෂණ කර තිබේ. යානයේ සැකිල්ල ගැන විශ්ලේෂණයක් කළ විට එහි කොටස්වල විවිධ ප්‍රමාණයේ සිදුරු තිබෙන ආකාරය දැකගත හැකිවූ බව ඕලන්ද විශ්ලේෂකයෝ කියති.
එම්.එච්. 17 යානයේ මිසයිලය ගැටුණු බව මේ වාර්තාවෙන් පවසන්නේ නැත. ඔවුන් පවසන්නේ අධික වේගයෙන් ආ වස්තූන් විසින් යානය පසාරු කැර ඇති බවයි. යුක්රේනයේ බෙදුම්වාදී කොටස් මෙන්ම හමුදාව ද එකම ආකාරයේ බර අවි භාවිතා කරති. කවරකු විසින් මේ ප්‍රහාරය එල්ල කළා ද යන්න සෙවීමට මිසයිලය ස්ථානගත කැර තිබූ භූමිය හා එම ප්‍රෙද්ශයේ රේඩාර් තිරවල දත්ත ලබාගත යුතු බව ද පර්යේෂකයෝ කියා සිටිති.
2025 නොවැම්බර් මස 04
386
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2169
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1648
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
‘‘මලයාසියා යානයට මිසයිලය වැදී නැහැ‘‘
සරත් Tuesday, 09 September 2014 04:41 PM
මොනවා වුණත් අන්තිමේදී කීදෙනෙක් ජීවිත වලින් වන්දි ගෙවුවද? (නි)
හේවාවිතාරණ Thursday, 11 September 2014 08:14 PM
මිසයිල වැදිලා නැති වුණාට මිසයිලයෙන් නිකුත් වූ කැබලි වැදිලා යානය විනාශ වෙලාලුනේ? (නි)
සුනිල් Thursday, 11 September 2014 04:06 AM
තාක්ෂණයක් තියෙනවා “ප්රෝක්සිමිටි සෙන්සර්“ කියලා. එවැනි අවි ගුවන් යානය අසලට ගියවිට පුපුරනවා. මෙම තාක්ෂණය නිසා යානයට වැඩි හානියක් කරන්න පුලුවන්. (නි)
රිචි බාලසුරිය Wednesday, 10 September 2014 11:18 AM
අන්තෝ ජටා බහි ජටා කිව්වලු , යානයට උන දෙය කවුරුත් හරියට දන්නේ නැහැ වාගේ (නදී)
නිමල් ලලිත Wednesday, 10 September 2014 04:18 AM
බිහිසුණු මාරක අවි සොයාගත්, නිපදවූ, නිපදවන හැම කෙනෙකුටම ශාප වේවා! (නි)
ඉෂානි Friday, 12 September 2014 02:03 PM
අනිවාර්යයෙන් යුක්රේන් හමුදාවෙන් එල්ල කළ ප්‍රහාරයක් වෙන්න ඕනෑ. (නි)