මගීන් ඇතුළු කාර්යමණ්ඩලය 298 දෙනෙකුට මරු කැදවමින් මිසයිල ප්‍රහාරයකට හසුව කඩා වැටුණු මලයාසියා ගුවන් සේවයට අයත් එම්.එච්.17 අංක දරන ගුවන් යානයට එල්ල වුනු ප්‍රහාරය එම ගුවන් යානය මගී ප්‍රවාහන ගුවන් යානයක් නොව වෙනත් ගුවන් යානයක් යැයි වරදවා වටහා ගැනීම නිසා එල්ල වූ බව හෙළිවන සාක්කි ඇතැයි ඇමරිකා බුද්ධි අංශ බළධාරීහු පවසති.
ප්‍රහාරය එල්ල කර ඇතැයි සැක කෙරෙන රුසියා හිතවාදී ඛෙදුම්වාදීන් ප්‍රහාරයෙන් පසු සිදුකර ඇතැයි පැවසෙන සංවාදයන් කිහිපයකට සවන් දීමෙන් මේ බව අනාවරණය කර ගැනීමට හැකිව ඇති බව පැවසේ.
එම සංවාද වල යෙදෙන්නවුන්ගේ අනන්‍යතාවයන්ද හදුනාගෙන ඇතැයි සදහන්ය.
රුසියා - යුක්රේන දේශසීමාව ආසන්නයේ කඩා වැටුණු ගුවන්යාන කරා ළගාවීමට වත් රුසියා හිතැති ඛෙදුම්වාදීහු අවසර නුදුන්නෝය.අවසානයේ මියගියවුන්ගේ සිරුරු එක්රැස් කර ගැනීමට ඉඩ දීමටත් යානයේ කලූ පෙට්ටිය අදාළ බළධාරීන්ට භාර දීමට කටයුතු සැළැස්වීමටත් ඔවුහු කටයුතු කළෝය.
යානයට එල්ල වී ඇතැයි කියන මිසයිලයේ වර්ගයද හදුනාගැනීමට හැකිව තිඛෙන අතර එය රුසියාවේ නිශ්පාදිත එස්.ඒ.11 වර්ගයට අයත් මිසයිලයකි.
කෙසේවුවත් රුසියා හිතවාදී ඛෙදුම්වාදීන් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේ තමන් නොවන බව පවසන අතර රුසියාවද සිදුවීම හා තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයි කියයි.
දෙපාර්ශවයම මේ සම්බන්ධයෙන් ඇගිල්ල දිගු කර ඇත්තේ යුක්රේන රජය දෙසටය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd