මගීන් ඇතුළු කාර්යමණ්ඩලය 298 දෙනෙකුට මරු කැදවමින් මිසයිල ප්‍රහාරයකට හසුව කඩා වැටුණු මලයාසියා ගුවන් සේවයට අයත් එම්.එච්.17 අංක දරන ගුවන් යානයට එල්ල වුනු ප්‍රහාරය එම ගුවන් යානය මගී ප්‍රවාහන ගුවන් යානයක් නොව වෙනත් ගුවන් යානයක් යැයි වරදවා වටහා ගැනීම නිසා එල්ල වූ බව හෙළිවන සාක්කි ඇතැයි ඇමරිකා බුද්ධි අංශ බළධාරීහු පවසති.
ප්‍රහාරය එල්ල කර ඇතැයි සැක කෙරෙන රුසියා හිතවාදී ඛෙදුම්වාදීන් ප්‍රහාරයෙන් පසු සිදුකර ඇතැයි පැවසෙන සංවාදයන් කිහිපයකට සවන් දීමෙන් මේ බව අනාවරණය කර ගැනීමට හැකිව ඇති බව පැවසේ.
එම සංවාද වල යෙදෙන්නවුන්ගේ අනන්‍යතාවයන්ද හදුනාගෙන ඇතැයි සදහන්ය.
රුසියා - යුක්රේන දේශසීමාව ආසන්නයේ කඩා වැටුණු ගුවන්යාන කරා ළගාවීමට වත් රුසියා හිතැති ඛෙදුම්වාදීහු අවසර නුදුන්නෝය.අවසානයේ මියගියවුන්ගේ සිරුරු එක්රැස් කර ගැනීමට ඉඩ දීමටත් යානයේ කලූ පෙට්ටිය අදාළ බළධාරීන්ට භාර දීමට කටයුතු සැළැස්වීමටත් ඔවුහු කටයුතු කළෝය.
යානයට එල්ල වී ඇතැයි කියන මිසයිලයේ වර්ගයද හදුනාගැනීමට හැකිව තිඛෙන අතර එය රුසියාවේ නිශ්පාදිත එස්.ඒ.11 වර්ගයට අයත් මිසයිලයකි.
කෙසේවුවත් රුසියා හිතවාදී ඛෙදුම්වාදීන් යානයට මිසයිල ප්‍රහාරයක් එල්ල කළේ තමන් නොවන බව පවසන අතර රුසියාවද සිදුවීම හා තමන්ගේ කිසිදු සම්බන්ධයක් නැතැයි කියයි.
දෙපාර්ශවයම මේ සම්බන්ධයෙන් ඇගිල්ල දිගු කර ඇත්තේ යුක්රේන රජය දෙසටය.
2025 දෙසැම්බර් මස 18
574
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
284
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1085
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
‘මලයාසියා යානයට ගැසුවේ වෙනත් යානයක් යැයි රැවටිලා‘