මලයාසියාවේ ක්වාලලම්පූර් ගුවන්තොටුපොළේ සිට ඉන්දියාවේ හයිද්‍රාබාද් වෙත යාමට ගුවන්ගත වූ මලයාසියා ගුවන් යානයක ඇති වූ දෝශයක් හේතුවෙන් යළි හරවාගෙන ක්වාලාලම්පූර් ගුවන්තොටුපොළට පැමිණ ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

යානයේ ස්වයංක්‍රීය මෙහෙයුම් පද්ධතියේ ඇතිවූ දෝශයක් හේතුවෙන් මෙලෙස හරවාගෙන පැමිණ ඇත්තේ එම්.එච්.198 අංක දරණ යානයයි. යානය යළි ගොඩබැස්සවීමට පෙර ඉන්ධනය දහනය කිරීම සඳහා පැය හතරක පමණ කාලයක් ක්වාලාලම්පූර් ගුවන්තොටුපොළට ඉහළ අහසේ පියාසර කරවා යළි බස්සවන ලදැයි වාර්තා වෙයි.

සිද්ධියෙන් කිසිවෙකුටත් හානි සිදුව නැත.