මිසයිල ප්‍රහාරයකින් කඩා වැටුණු මලයාසියා ගුවන් යානයේ සුන්බුන් අතර තිබී හමුවූ සිරුරු 74ක් පශ්චාත් මරණ පරීක්ෂණය සඳහා නෙදර්ලන්තයට ගෙනවිත් ඇත. නෙදර්ලන්තයේ එවින්දෝවන් ගුවන් හමුදා කඳවුරට හමුදා යානා මගින් ගෙන එන ලද මේ සිරුරු අවමංගල්‍ය රථ පෙරහැරකින් ඕලන්දයේ හිල්වසම් හමුදා කඳවුරට ගෙන යන ලදී. ඉතා ගාම්භීර රථ පෙරහැරකින් මේ සිරුරු අධිවේගී මාර්ග ඔස්සේ රැගෙන යද්දී මාර්ගයට ඉහළින් ඇති පාලම්වලට රැස්වූ සිය ගණනක් ජනතාව එදෙස බලා සිටියහ. මේ අතර ඕලන්ද රජ පවුලේ මැක්සිම් කුමරිය ද සිටි බවත් ඇය සිරුරු ගෙන යන අයුරු දැක කඳුළු සැලූ බවත් විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
සිරුරු වැඩි ප්‍රමාණයක් හඳුනාගත නොහැකි ආකාරයෙන් පිළිස්සී ඇති බැවින් සියළුම දෙනා නිශ්චිතව හඳුනාගැනීමට මාස කිහිපයක් ගතවනු ඇතැයි පශ්චාත් මරණ පරීක්ෂණ සම්බන්ධ විශේෂඥයෝ කියති. මේ සිරුරු හඳුනාගැනීම සඳහා ලෝකය පුරා අධිකරණ වෛද්‍යවරු ඇතුළු විශේෂඥයන් 1000 ක පිරිසක් කැඳවා ඇතැයි ද දැනගන්නට ඇත.
















COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නෙතෙර්ලන්තයයි ඕලන්දයයි එකම රටක් නේද ? (නදී)
ජීවිතයකට ලබා දී ඇති වටිනාකම අවබෝධ වූ මේ රූප පෙළ දුටු විට අපේ රට ගැන හිත කඩා වැටෙන හැගීමක් ඇති උනා.(නදී)
ඉතාම සංවේදී ජනක දසුන් පෙළක්. සියල්ලන්ටම නිවන් සුව පතමි. (නදී)