IMG-LOGO

2025 දෙසැම්බර් මස 27 වන සෙනසුරාදා


මලයාසියා ගුවන් යානා අපලය ඉවර නෑ

මලයාසියා ගුවන් සේවයේ අපල කාලය අවසන් වී නොමැති බව සිතෙන තවත් සිදුවීමක්  ඕස්ටේ‍්‍රලියාවේ ඇඩිලේඩ් ගුවන්තොටුපළෙන් වාර්තා විය.

මලයාසියාවේ ක්වාලාලම්පූර් බලා යෑමට තිබූ මලයාසියා ගුවන්සේවයට අයත් එම්.එච්.136 අංක දරණ ගුවන්යානය ගුවන් පථයේ ඇදෙමින් තිබිණි.එහි මගීහු 167 දෙනෙක් සිටියෝය.

මේ අතර ගුවන්තොටුපළට ගොඩබැස්වීමට යානයක් පැමිණෙමින් සිටියේය.හදිසියේම එම්.එච් 136 ගුවන්ගත වන්නේ නම් එය පැමිණෙමින් තිබෙන යානයේ ගැටෙනු ඇති බව ගුවන් පාලන මැදිරිය දුටුවේය.

වහාම යානය නවතා ගන්නැයි නියමුවාට උපදෙස් දෙනු ලැබිණි.

ආයාසයක් දරා ගුවන්යානය නවතා ගැනීමට ඔහුට හැකි විය.හදිසියේම තිරිංග යෙදීමෙන් ගිනියම්ව තිබූ රෝද ඇතුළු තිරිංග පද්ධතිය නිවෙන තෙක් යානය ගුවන්ගත කෙරුණේ නැත.

ගුවන්තොටුපළට පැමිණෙමින් තිබූ යානය එයට නියමිත උසට වඩා වැඩි උසකිනුත් නියමිත වේගයට වඩා වැඩි වේගයකිනුත් පැමිණ ඇතැයි හෙළිව තිබේ.

එයට යටින් පියඹා යාමට මැලේසියා ගුවන්යානයට ඇති හැකියාව පිළිඹද සැක සිතා ඇති ගුවන්ගමන් පාලක මධ්‍යස්ථානයේ සිටියෝ අවසානයේ අවදානම නොගෙන යානය නතර කිරීමට උපදෙස් නිකුත් කර ඇත.

මලයාසියා ගුවන්සේවයට වසරේ මේ දක්වා ගෙවී ඇති කාලය අතරතුරදී ගුවන්යානා 2 ක්ම අහිමිව ගොස් තිබේ.ඉන් එකක් මගීන් සමග ඉන්දියන් සාගරයේ අතුරුදන්ව ගිය අතර අනෙක යුක්රේන බෙදුම්වාදීන්ගේ ප‍්‍රහාරයකට ලක්ව විනාශ විය.



අදහස් (0)

මලයාසියා ගුවන් යානා අපලය ඉවර නෑ

සමන්ති Thursday, 31 July 2014 02:42 PM

මලයසියා ගුවන් සේවය නොවයි අනිත් ගුවන් සේවාත් ඒ වගේ .හොඳම වැඩේ ගෙදරට වෙලා ඉන්න එකයි.හැබැයි ගෙයි වහල කඩා වැටුනොත් (අ)

:       0       0

දර්ශන Friday, 01 August 2014 02:35 AM

අනතුරු වෙනවා කියා ලෝකේ ඔක්කොම ගුවන් යානා නැවතුනොත් කොහොම තියෙයිද? (නදී)

:       0       0

අජිත් කරුණාරත්න Friday, 01 August 2014 04:40 AM

මේක නම් අධිරාජ්‍යවාදීන්ගේ කුමන්ත්‍රණයක්ම තමයි. (නි)

:       0       0

චන්න Thursday, 31 July 2014 01:34 PM

අපෝ දැන් නම් ලංකාවට නිවාඩුවට යන්න එන්න මේ ගුවන් සේවය භාවිතා කරන එක ගැන දෙවරක් හිතන්න වෙනවා. අපේ යාලුවෙකුත් ලංකාවට නිවාඩුවට ගියා . මේක ආරංචි වෙලා ආපහු එන්න වෙනින් ගුවන් සේවා ටිකට් පතක් ගන්නවා කිව්වා. මනුස්සයා හොඳටම බයවෙලා.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 577 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 285 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1087 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site