ඇපල් සමාගමේ ආරම්භය සනිටුහන් කරමින් 1976 වසරේදී කරළියට පැමිණි ඇපල් වන් වර්ගයේ පරිගණකයක් වෙන්දේසියේ විකිණීමට නියමිතය.
1976 වසරේදී ඩොලර් පවුම් 429 (රුපියල් 8,184) ක් මිල වූ මේ පරිගණකය වෙන්දේසියෙදී අවම වශයෙන් පවුම් 250,000 ක (රුපියල් 4,90,58587) මුදලකට විකිණෙනු ඇතැයි එහි හිමිකරුවෝ අපේක්ෂා කරති.
ඇපල් වන් පරිගණක 200 ක් නිපදවුණු අතර අද වන විට කි‍්‍රයාකාරී තත්වයේ පවතිනුයේ ඉන් 6 ක් පමණි.
ඇපල් වන් පරිගණකය ඇපල් සමාගමේ ප‍්‍රථම නිශ්පාදනයයි.ඇපල් සමාගමේ නිර්මාතෘ වරුන් දෙපළ වූ ස්ටීව් ජොබ්ස් හා ස්ටීව් වොස්නියැක් මේ පරිගණක තමන්ගේ අතින්ම නිෂ්පාදනය කර ඇත.මුලදී ඇපල් සමාගමේ කර්මාන්තශාලාව වූයේ ස්ටීව් ජොබ්ස් ගේ දෙමව්පියන්ට අයත්ව තිබූ ගරාජයකි.ඉතා ප‍්‍රාථමික මට්ටමේ ගණනයන් කිරීමේ හැකියාව තිබූ මේ පරිගණකයේ එක් ගීතයක්වත් ගබඩා කිරීමට පවා ඉඩ නොතිබිණි.දැන් තිබෙන ගිගාබයිට් ප‍්‍රමාණයේ පරිගණක මතකයන් හා සසදන කල්හි ඇපල් වන් පරිගණකයේ වූයේ කිලෝබයිට් 8 ක කුඩා මතකයකි.අද පරිගණක වල සීඩි පට ධාවක වෙනුවට එහි වූයේ කැසට් පට ධාවකයකි.පරිගණක වැඩසටහන් කැසට් පට ආධාරයෙන් පරිගණකට ලබා දීම සිදුවිණි.
ඇපල් වන් එදවස තාක්ෂණයේ හැටියට සාර්ථක නිශ්පාදනයක් විය.මේ සාර්ථක භාවය නිසාම තව තවත් පරීක්ෂණ කරමින් නව නිශ්පාදන වෙළදපොලට ගෙන ඒමට ස්ටීව් හා වොස්නියැක් දෙපළ කි‍්‍රයා කළහ.ඇපල් සමාගම මුල සිටම කළේ පොදු ජනයාගේ අවශ්‍යතා හදුනාගෙන ඒවා සපුරාලිය හැකි නිර්මාණ නැවුම් හා වෙනත් කිසිවෙකු ඉදිරිපත් නොකළ ආකාරයේ නිමාවකින් වෙළදපොළට ඉදිරිපත් කිරීමයි. එම වෙළද උපක‍්‍රමයේ සාර්ථකත්වය අද ඇපල් සමාගම සිටින තැන දෙස බලන විට හොදින් වැටහේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මුරුගන්ගේ ගතිය දුරු වේවා.මම පාවිච්චි කරන්නෙත් අති නවීන ඇපල් නිෂ්පාදන.. අයි ෆෝන් මැක් බුක් ,තාක්ෂණයෙන් විශිෂ්ටයි.පහසුයි.(නු)
අනේ මන්දා අපේ මිනිස්සු ඉතින් හැම එකක්ම නිකම්මනේ බලාපොරොත්තු වෙන්නේ. (නු)
නවීන තාක්ෂනය යහපත් දේට යොදා ගත යුතුයි. නමුත් ලෝකේ ගොඩක්ම වෙන්නේ පරිගණක අපරාධ. නමුත් නුවනැත්තා මහ පොළොවට කිඳා බැහැපු කිණිහිර වගේ කල්පාන්ත වාතය හැමුවත් සොලවන්න බෑ. සියලුම දේවල් තමන්ගේ යහපතටත් වාසියටත් යොදා ගන්නවා.(නදී)
සදරුවන්ලා වගේ ඉරිසියා කරන්ණන්ගේ ඇහේ කටු අනිනවා වගේ උනත් අද ඇපල් සමාගම සහ එහි නිර්මාණ ලබා ඇති දියුණුව කොහොමද.? (ස)
අපිට නම් ඔය ඇපලුත් එකයි, මුද්දරප්පලමුත් එකයි, මිල ගණන් දිහා බලපුවහම. නරි රාලහාමි කිව්වා වගේ දෙකම තිත්තයි කියලා තමයි කියන්න තියෙන්නේ! (නි)