ඕස්ට්‍රේලියාවේ මෙල්බර්න් නුවර වෙළඳ මධ්‍යස්ථානයකට සැහැල්ලු ගුවන් යානයක් කඩා වැටීමෙන් පස් දෙනකු මියගොස් ඇතැයි වාර්තා වේ.

ගුවන් යානයේ ගමන්ගත් සියලු දෙනා මියයන්නට ඇතැයි ද  අනතුර සිදු වූ අවස්ථාවේ වෙළඳ මධ්‍යස්ථානය වසා තිබීම නිසා එහි කිසිවකුටත් හානි සිදුව නැතැයි ද වික්ටෝරියා ප්‍රාන්ත බලධාරීහු පවසති.

වික්ටෝරියා පොලිසිය පවසන්නේ යාන්ත්‍රික දෝශයක් නිසා යානය කඩාවැටී ඇති බවයි.  

_94750558_59fe815c-e1c4-47d7-baae-607cff66f4f5 _94750698_5831b0e7-30b1-4c3f-a39f-71e46ad6f28f