
ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ලොක්ඩවුන් කර මාස දෙකක් ගත වුවත්, 'කොවිඩ් 19' ආසාදිතයන්ගේ අඩුවක් දකින්න නොලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.
ආසාදිතයන්ගේ අඩුවක් දකින්න නොලැබෙන්නේ මෙල්බන් වැසියන්ගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය යැයි සෞඛ්‍ය අංශ චෝදනා නගා තිබේ.
ගතවුණු පැය 24 ඇතුළත මෙල්බන් නුවරින් පමණක් වාර්තා වූ ආසාදිතයන් ගණන 1,438 කි. මෙල්බන් පිහිටා ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයේය.
ආසාදිතයන්ගේ අඩුවක් දකින්න නොලැබෙන්නේ මෙල්බන් වැසියන් ලොක්ඩවුන් කිරීමට එරෙහිව වීදි බැස විරෝධතා පැවැත්වීමත් පොලිසියට හොරෙන් නිවෙස්වලට එක්වී විනෝදවීමත් නිසා යැයි සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.
ආසාදිතයන් අඩුවීමක් පෙන්නුම් නොකරන්නේ නම්, තව දුරටත් ලොක්ඩවුන් කිරීමට සිදුවනු ඇතැයි වික්ටෝරියා බලධාරීහු පවසති.
මේ අතර ඕස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ මැදිහත් වී ආරම්භ කළ එන්නත්කරණ වැඩසටහන දිගටම සිදුවෙයි.
කෙසේ නමුත් ඇතැම් ඕස්ට්‍රේලියානුවන් එන්නත් ලබා ගැනීමට වැඩි උනන්දුවක් නොදක්වන බව පෙනෙනවා යැයි සෞඛ්‍ය අංශ පවසා ඇත.
(රොයිටර්)
2025 නොවැම්බර් මස 04
648
0
2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්
2025 ඔක්තෝබර් මස 08
2322
0
හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
2025 ඔක්තෝබර් මස 01
1721
0
2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
මෙල්බන් ආසාදිතයන් අඩු නෑ