
ඕස්ට්‍රේලියාවේ මෙල්බන් නුවර ලොක්ඩවුන් කර මාස දෙකක් ගත වුවත්, 'කොවිඩ් 19' ආසාදිතයන්ගේ අඩුවක් දකින්න නොලැබෙන බව සෞඛ්‍ය අංශ පවසයි.
ආසාදිතයන්ගේ අඩුවක් දකින්න නොලැබෙන්නේ මෙල්බන් වැසියන්ගේ වගකීම් විරහිත ක්‍රියාකලාපය යැයි සෞඛ්‍ය අංශ චෝදනා නගා තිබේ.
ගතවුණු පැය 24 ඇතුළත මෙල්බන් නුවරින් පමණක් වාර්තා වූ ආසාදිතයන් ගණන 1,438 කි. මෙල්බන් පිහිටා ඇත්තේ වික්ටෝරියා ප්‍රාන්තයේය.
ආසාදිතයන්ගේ අඩුවක් දකින්න නොලැබෙන්නේ මෙල්බන් වැසියන් ලොක්ඩවුන් කිරීමට එරෙහිව වීදි බැස විරෝධතා පැවැත්වීමත් පොලිසියට හොරෙන් නිවෙස්වලට එක්වී විනෝදවීමත් නිසා යැයි සෞඛ්‍ය බලධාරීහු පෙන්වා දෙති.
ආසාදිතයන් අඩුවීමක් පෙන්නුම් නොකරන්නේ නම්, තව දුරටත් ලොක්ඩවුන් කිරීමට සිදුවනු ඇතැයි වික්ටෝරියා බලධාරීහු පවසති.
මේ අතර ඕස්ට්‍රේලියා සෞඛ්‍ය අංශ මැදිහත් වී ආරම්භ කළ එන්නත්කරණ වැඩසටහන දිගටම සිදුවෙයි.
කෙසේ නමුත් ඇතැම් ඕස්ට්‍රේලියානුවන් එන්නත් ලබා ගැනීමට වැඩි උනන්දුවක් නොදක්වන බව පෙනෙනවා යැයි සෞඛ්‍ය අංශ පවසා ඇත.
(රොයිටර්)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd