ඇමරිකාවේ ජනාධිපති ආර්යාව වන මෙලනියා ට්‍රම්ප්ගේ ප්‍රතිමාවකට කිසියම් පිරිසක් විසින් ගිනි තබා ඇතැයි වාර්තා වේ.
ඇගේ උපන් ගම වන ස්ලෝවේනියාවේ සෙව්නිකා නගරය ආසන්නයේ, සජීවි පරිමාණයට ලී වලින් සකස් කරන ලද මෙම කැටයම ස්ථාපිත කර තිබිණි.
දේශීය ගැමි චිත්‍ර ශිල්පියෙකු වන ඇලෙස් සුපෙව්ක් විසින් සජීවී ලින්ඩන් ගසක කඳෙන් මූර්තිය නිර්මාණය කර තිබිණි.
ඇමරිකානුවන් නිදහස් දිනය සමරමින් සිටියදී පසුගිය 04 වැනිදා ගිනි තැබීම සිදුකර ඇති බවට එම මූර්තියේ භාරකරුවා ලෙස කටයුතු කරන බ්‍රැඩ් ඩවුනි මහතා පවසයි.
පොලිසියට මේ සම්බන්ධව තමාට දැනුම් දුන් වහාම විකෘති කරන ලද මූර්තිය එම ස්ථානයෙන් ඉවත් කිරීමට කටයුතු කළ බවද හෙතෙම පවසයි.
කෙසේවුවද වොෂින්ටන්හි පිහිටි මෙලනියා ට්‍රම්ප්ගේ කාර්යාලය මේ සම්බන්ධව ප්‍රතිචාරයක් දක්වා නැත.
ඇමරිකාවේ ඓතිහාසික ස්මාරක විනාශ කරන ඕනෑම අයෙකු සම්බන්ධයෙන් දැඩි ක්‍රියාමාර්ග ගන්නා බව ජනපති ඩොනල්ඩ් ට්‍රම්ප් මීට සති කිහිපයකට පෙර පවසා තිබිණි.
(රොයිටර් පුවත් ඇසුරිණි - 085)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආ... එහෙත් ප්‍රතිමා හදනවද? මම හිතුවේ මෙහෙ විතරයි කියලා...