ඉතාලියේ මිලානෝ නගරයේ නව කොන්සියුලර් කාර්යාලයක් පෙබරවාරී මස පළමු වැනිදා විවෘත කරන බව රෝම අගනුවර ශ්‍රී ලංකා තානාපති කාර්යාලය පවසයි.

එම කාර්යාලයේ කොන්සියුලර් ජනරාල් ලෙස ප්‍රදීපා සේරම් මහත්මිය පත් කර ඇතැයි ද තානාපති කාර්යාලය සඳහන් කරයි.

මිලානෝ නගරයේ මෙන්ම අවට ප්‍රදේශවල වෙසෙන ශ්‍රී ලාංකික ජනතාවට තානාපති කාර්යාලයීය සේවාවන් පෙබරවාරී මස පළමු වැනිදා සිට මෙම කාර්යාලය හරහා සිදු කර ගත හැකිවේ.

Via Francesco Melzi d'Eril, 34,20154,Milan, Italy යන ලිපිනයේ මෙම කොන්සියුලර් කාර්යාලය පිහිටා තිබේ.