ඉතාලියේ මිලාන් හි ශ්‍රි ලංකා කොන්සල් ජනරාල් කාර්යාලය 68 වැනි නිදහස් සැමරුම අභිමානවත් අයුරින් පෙබරවාරි 4 වැනි දා ශ්‍රී ලංකා කොන්සල් ජනරාල් කාර්යාල පරිශ්‍රයයේ දී පැවැත්විණි.
ශ්‍රි ලංකා ජාතික ධජය ලංකා කොන්සල් ජනරාල් ප්‍රදීපා සේරම් මහත්මිය විසින් ඵසවීමෙන් සහ ජාතික ගීය සිංහල භාෂාවෙන් මෙන්ම, උගත් පාඩම් සහ ජාතික සංහිදියා කොමිෂන් සභාවේ නිර්දේශ පරිදි විදේශ කටයුතු අමාත්‍යාංශයේ උපදෙස් මත ජාතික සමගිය වර්ධනය කිරීම උදෙසා දෙමළ භාෂාවෙන් ද ගායනා කිරීමෙන් අනතුරුව උත්සව සභාවේ වැඩ කටයුතු ආරම්භ විය.
තවද මාතෘ භූමිය වෙනුවෙන් දිවිදුන් අභීත රණවිරුවන් සිහි කරමින් කෙටි නිශ්ශබ්දතාවයක් ද පැවැත්විණි. බ්‍රෂියා බෞද්ධ විහාරාධිපති වතෝගල ධම්මික නාහිමියන් විසින් පැමිණ සිටි පිරිස පංචශිලයේ පිහිටවනු ලැබුහ. මිලාන් හි කිතුණු සංඝයේ මැල්කම් පෙරේරා පියතුමා විසින් කිතුණු ආශිර්වාද ලබාදීම ද සිදු කැරිණි.
වසර 68ක් තිස්සේ ආර්ථික, සමාජයීය සහ දේශපාලනික වශයෙන් ලබාගත් ජයග්‍රහණ පිළිබදව සිහිපත් කළ අතර ලබාගත් නිදහස ඉදිරියටත් පවත්වා ගෙන යෑම සදහා ශ්‍රි ලංකාව තුළ ජීවත්වන සියළුම ජාතීන් ඵක්සිත්ව ඵකමුතුව ශ්‍රි ලාංකිකයන් වශයෙන් ඉදිරියට ද කටයුතු කළ යුතු බව ලංකා කොන්සල් ජනරාල් ප්‍රදිපා සේරම් මහත්මිය ප්‍රකාශ කළාය.
ඵමෙන්ම උතුරු ඉතාලියේ වාසය කරනු ලබන ශ්‍රි ලාංකික ප්‍රජාව බොහෝ දුෂ්කරතා මැද කොන්සියුලර් කාර්යයන් රෝමයේ පිහිටා ඇති ශ්‍රි ලංකා තානාපති කාර්යාලයෙන් මේ දක්වා සිදු කරගත් බවත් ශ්‍රී ලාංකික ප්‍රජාව විදින ඵම දුෂ්කරතාවයන් වටහාගත් ශ්‍රි ලංකාවේ නව රජය මිලාන් හි නව කොන්සල් ජනරාල් කාර්යාලයක් විවෘත කිරීමට කටයුතු කළ බවත් ඇය කීවාය.
මෙම උත්සව අවස්ථාවට උතුරු ඉතාලියේ වෙරොනා, බ්‍රෂීයා, ජෙනෝවා,ප්ලොරන්ස් වැනි නගර වලින් පැමිණි ශ්‍රි ලාංකිකයන් විශාල ප්‍රමාණයක් ද ඉතාලි ජාතික සුභ පතන්නන් ද කොන්සියුලර් ජනරාල් කාර්යාලයේ කාර්ය මණ්ඩලය ද සහභාගී වූ අතර උත්සවය අවසානයේ කැවුම්, කිරිබත් වලින් සමන්විත තේ පැන් සංග්‍රහයක් ද පැවැත්විණි.
![IMG_02[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/IMG_021.jpg)
![IMG_03[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/IMG_031.jpg)
![IMG_04[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/IMG_041.jpg)
![IMG_06[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/02/IMG_061.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මට දුරකථන අංකය ඕන , මොකද මම දුර ඉන්න නිසා (කෞ)
ගොඩක් හොද දෙයක්.(හේ)
මිලානෝ නගරයේ මහාපරිමාණ වන්චනිකයකුගේ රුවකුත් මේ පොටෝවල දකින්න ලැබීම නම් ඉතාම කණගාටුවට කරුණක් (කෞ)
රෝමයේ අපේ තානාපති කාර්යාලේ භුමිය මෙන්ම මහජනයා සඳහා ඇති රවුම් කාමරය අපිරිසිදු තත්වයේ පවතී අවට භුමියේ කරදාසි කැබලි කැලිකසල තැන තැන පවතී රවුම් කාමරයේ වීදුරු ජනෙල් දොරවල අවුරදු ගණනාවක් තිස්සේ ඇලවූ දැන්වීම් වල මැලියම් තට්ටුය . එබැවින් මිලානෝ කොන් න්සල් කාර්යාලය වත් පිරිසිදුවට තබාගනිමු (කෞ)