ඉතාලියේ මිලානෝ නගරයේ ශ්‍රී ලංකා කොන්සියුලර් කාර්යාලය පෙබරවාරී මස පළමු වැනි දා විවෘත විය.

කොන්සියුලර් ජනරාල් ප්‍රදීපා සේරම් මහත්මිය එහි කටයුතු බාරව සිටී. එම කාර්යාලයේ සේවා සතියේ දිනවල (සදුදා සිට සිකුරාදා) උදේ 9.30 සිට සවස 3 දක්වා සිදුකෙරේ.

තානාපති කාර්යාලයීය සේවා සඳහා අයැදුම්කරු අනිවාර්යයෙන් ඉදිරිපත් විය යුතු බව ද කාර්යාලයය දන්වයි. 

02-49536530 යන දුරකතන අංක ඇමැතීමෙන් මෙම කාර්යාලය හා සම්බන්ධ විය හැකිය.