මාලදිවයින් ජනපති කාර්යාලයය ඉදිරිපිට විරෝධතාවයක නිරත වූ බව කියන මාධ්‍යවේදීන් 11 දෙනකු අත්අඩංගුවට ගෙන ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.
මාලදිවයින් ආණ්ඩුව මාධ්‍ය නිදහසට බාධා එල්ල කරන බව කියමින් එරට ජනාධිපති අබ්දුල්ලා යමීන්ගේ කාර්යාලය ඉදිරිපිට මාධ්‍යවේදීහු විරෝධතාවයේ යෙදී සිටියහ.
වසර දෙකකට පෙර මාධ්‍යවේදියෙකු අතුරුදන් වීම පිළිබදව මෙන්ම එරට පුවත්පත් ආයතනයක් තහනම් කිරීම සම්බන්ධයෙන් ද මෙහිදී රජයට චෝදනා එල්ල විය.
එමෙන්ම මාලදිවයින රජයේ ක්‍රියාපිළිවෙත සම්බන්ධයෙන් අන්තර්ජාතිකව වශයෙන් ද විවේචන එල්ල වෙයි.
උද්ඝෝෂණයෙන් පසු පිරිසක් රෝහල් ගත කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd