IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


මාලදිවයිනෙත් දින 100 වැඩසටහනක්

මාලදිවයිනේ නව ආණ්ඩුව දින 100  වැඩසටහනක් ඉදිරිපත් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා කරයි.

මාලදිවයිනේ නව ජනාධිපතිවරයා ලෙස තේරී පත්වූ මොහොමද් සෝලි ඊබ්‍රහිම්ගේ නායකත්වයෙන් මෙම වැඩසටහන ක්‍රියාත්මක වීමට නියමිතය. 

මොහොමද් සෝලි ඊබ්‍රහිම් පසුගිය 17 වැනිදා ජනාධිපති ධුරයේ දිවුරුම් දුන් අතර ඊට පසු ජනාධිපති කාර්යාලය අදාළ දින 100 වැඩසටහන ඇතුළත් පිටු 15කින් යුත් ලේඛනයක් ප්‍රකාශයට පත් කර ඇතැයි එරට මාධ්‍ය වාර්තා සඳහන් කරයි. 

එම දින 100 වැඩසටහන යටතේ ක්ෂේත්‍ර 23ක් ආවරණය වන පරිදි පොරොන්දු 161ක් ලබා දී ඇත. 

එහි පළමු දිනය, පළමු සතිය, පළමු මාසය, පළමු දින 60 සහ පළමු දින 90 යනුවෙන් කොටස්වලට බෙදා ඇත.

දූෂණය නිසා අහිමි වූ රාජ්‍ය මුදල්, වංචා හා දූෂණ සහ මුදල් විශුද්ධිකරණය පිළිබඳව සෙවීමට කමිටුවක් පත් කිරීම සහ ඒවා පිළිබඳව පරීක්ෂණ ආරම්භ කිරීම, සියලූම දේශපාලන සිරකරුවන් නිදහස් කිරීම සහ දේශපාලන සිරකරුවන්ගේ නඩු විභාග හා චෝදනා පිළිබඳව නැවත විමසා බැලීම, පෞද්ගලික වුවමනාවලට අනුව අත්අඩංගුවට ගත් පිරිස් සම්බන්ධ සිදුවීම් නැවත විමසා බැලීම එම දින 100 වැඩසටහනේ පළමු දිනයේ පොරොන්දුය.

එම පොරොන්දුවලට අනුව යමින් මාලදිවයිනේ ප්‍රජාතන්ත්‍රවාදී ලෙස පත් වූ පළමු ජනාධිපතිවරයා වන මොහොමඞ් නෂීඞ්ට එරෙහිව ලබා දුන් තීන්දු විමසා බැලූ අතර ඔහුට එල්ල වී තිබූ ත්‍රස්ත චෝදනා සියල්ල වැරැදි බවත් සියලු චෝදනාවලින් හිටපු ජනාධිපතිවරයා නිදහස් කරන බවත් එරට ශ්‍රේෂ්ඨාධිකරණය අද (26) පියවර ගත්තේය. 

055

 



අදහස් (0)

මාලදිවයිනෙත් දින 100 වැඩසටහනක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 694 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 554 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 450 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site