IMG-LOGO

මාලදිවයිනට එන මුස්ලිම් පුජකයන් ගැන සොයන්නැයි හිටපු ජනපති කියයි

මාලදිවයිනට පැමිණෙන ඉස්ලාමීය පූජකයන් සම්බන්ධයෙන් පුළුල් ලෙස සොයා බැලිය යුතු යැයි එරට හිටපු ජනාධිපති මොහොමඩ් නෂීඩ් මහතා පවසා ඇත. 

“සහ්රාන් හෂීම් පූජකයකු ලෙස 2016 වසරේ දී මාලදිවයිනට පැමිණියාද නැද්ද අපි දන්නේ නැහැ. එහෙත් මාලදිවයිනට පැමිණෙන ෂීක්වරුන් සහ මුස්ලිම් පූජකයන් දැඩි පරීක්ෂාවකට ලක් කළ යුතුයි. ඔවුන් පිළිබඳව පුළුල් ලෙස සොයා බැලිය යුතු” යැයි මාලදිවයිනේ හිටපු ජනාධිපතිවරයා ට්විටර් පණිවුඩයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවේ මහ මොළකරු ලෙස හැඳින්වෙන්නේ සහ්රාන් හෂීම්ය.

පාස්කු ඉරිදා ශ්‍රී ලංකාවට එල්ල වූ ත්‍රස්ත ප්‍රහාර මාලාවෙන් පසුව දකුණු ආසියානු කලාපයේ ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ සංචාරකයන්ගේ, විශේෂයෙන්ම සැකකටයුතු සංචාරකයන් පිළිබඳ වැඩි අවධානයක් යොමු කර ඇත.

එම සිදුවීමෙන් පසුව වීසා කාලය ඉක්මවා රැඳි සිටීම නිසා ශ්‍රී ලංකාවෙන් පූජකයන් 200කට ආසන්න පිරිසක් පිටුවහල් කර ඇතැයිද ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර තිබිණි.

“වෙනත් නමක් භාවිත කරමින් සහ්රාන් හෂීම් මාලදිවයිනට ඇවිත් ඇති. ඒ නිසා පූජකයන්ට මාලදිවයිනට පැමිණීමට ඉඩ දීමේදී අපි පරෙස්සම් සහ කල්පනාකාරී විය යුතු” යැයි මොහොමඩ් නෂීඩ් මහතා ‘ද හින්දු’ පුවත්පතට පවසා ඇත.  

ද හින්දු ඇසුරිනි 

055

 



අදහස් (2)

මාලදිවයිනට එන මුස්ලිම් පුජකයන් ගැන සොයන්නැයි හිටපු ජනපති කියයි

චමින්ද Tuesday, 14 May 2019 10:15 AM

බලය නැතත් රටට ආදරය කරන නියමම නායකයෙක්. ඔහොම නායකයෙක් අපටත් හිටියා නම් කියා හිතෙනවා.

:       0       0

Anuradha Wednesday, 15 May 2019 04:12 AM

මුස්ලිම් රටක් වෙලත් ඒ රටවල නායකයෝ මේ ප්‍රශ්නෙදි ඉක්මන් තීරණ ගන්නවා අපේ අයට වැඩිය...

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 1397 0
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 516 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි 2025 මැයි මස 23 597 0
Victrix Tech ශ්‍රී ලාංකික ව්‍යාපාරික ඩිජිටල් තාක්ෂණික අවශ්‍යතා සඳහා ඉතා උසස් ඩිජිටල් විසදුම් දියත් කරයි

ජාත්‍යන්තර වෙළෙඳපොළ පිලිබඳ විශේෂඥතාවක් ඇති ඩිජිටල් පරිවර්තන සමාගමක් වන Victrix Tech (Pvt) Ltd, ශ්‍රී ලංකාවේ ව්‍යාපාරික වෙළඳපොළ සඳහා සිය ව්‍යාපාර කටයුතු පුළුල් කර

Our Group Site