IMG-LOGO

2025 නොවැම්බර් මස 15 වන සෙනසුරාදා


මාලදිවයිනේ හිටපු ජනපති අත්අඩංගුවට ගැනීමට නියෝග

මාලදිවයිනේ හිටපු ජනපති අබ්දුල්ලා යමීන් මහතා අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට එරට බලධාරීන් නියෝග කර ඇතැයි වාර්තා වේ.
 
යමීන් මහතා නීතිවිරෝධී ලෙස ඩොලර් මිලියන 1.5ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණයේදී මූලික නඩු විභාගය ඇසීමෙන් අනතුරුව මෙම නියෝගය ලැබී තිබේ.
 
අල්ලස් චෝදනාව සම්බන්ධයෙන් ඔහුව ඉකුත් ඉරිදා අපරාධ අධිකරණයට ඉරිදා කැඳවනු ලැබීය.                                        

අගනුවර සමීපයේ ඇති දෝනීධෝ නම් බන්ධනාගාරය පිහිටි දිවයිනට ඔහුව ගෙන යනු ඇති බව අධිකරණ නිලධාරීහු පැවසූහ.        

2013දී  බලයට පැමිණි හිටපු ජනපතිවරයා ඔහුගේ විරුද්ධකරුවන් ගණනයාවක් බන්ධනාගාර ගත කළ අතර ඇතැමුන් රටින් පිටුවහල් කර තිබේ.                                        

මානව හිමිකම් දූෂණ වාර්තා පැවති යමීන්ගේ පස් අවුරුදු බලය තුළ දේශපාලනය හා මූල්‍ය සහයෝගය ලබාගැනීම සඳහා චීනය සමඟ ඔහු කටයුතු කර තිබිණි.                                                 

ඩොලර් මිලියන 6.5ක් පමණ මුදල් සහිත ඔහුගේ පෞද්ගලික බැංකු ගිණුම්විලින් මුදල් ලබාගත නොහැකි ලෙස  අධිකරණය නියෝග ලබාදී ඇති බවද නිලධාරීහු පවසති.                                                                                    

අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් මේවන තෙක් යමීන් මහතා ප්‍රතිචාරයක් දක්වා නැත.
 
(එක් ඩී ටීවී ඇසුරිනි)


16844



අදහස් (0)

මාලදිවයිනේ හිටපු ජනපති අත්අඩංගුවට ගැනීමට නියෝග

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 785 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 2434 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1763 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

Our Group Site