මාලදිවයිනේ හිටපු ජනපති අබ්දුල්ලා යමීන් මහතා අල්ලස් ලබාගැනීමේ චෝදනාවක් සම්බන්ධයෙන් අත්අඩංගුවට ගැනීමට එරට බලධාරීන් නියෝග කර ඇතැයි වාර්තා වේ.
 
යමීන් මහතා නීතිවිරෝධී ලෙස ඩොලර් මිලියන 1.5ක මුදලක් අල්ලස් ලෙස ලබාගැනීමේ චෝදනාව සම්බන්ධයෙන් අධිකරණයේදී මූලික නඩු විභාගය ඇසීමෙන් අනතුරුව මෙම නියෝගය ලැබී තිබේ.
 
අල්ලස් චෝදනාව සම්බන්ධයෙන් ඔහුව ඉකුත් ඉරිදා අපරාධ අධිකරණයට ඉරිදා කැඳවනු ලැබීය.                                        

අගනුවර සමීපයේ ඇති දෝනීධෝ නම් බන්ධනාගාරය පිහිටි දිවයිනට ඔහුව ගෙන යනු ඇති බව අධිකරණ නිලධාරීහු පැවසූහ.        

2013දී  බලයට පැමිණි හිටපු ජනපතිවරයා ඔහුගේ විරුද්ධකරුවන් ගණනයාවක් බන්ධනාගාර ගත කළ අතර ඇතැමුන් රටින් පිටුවහල් කර තිබේ.                                        

මානව හිමිකම් දූෂණ වාර්තා පැවති යමීන්ගේ පස් අවුරුදු බලය තුළ දේශපාලනය හා මූල්‍ය සහයෝගය ලබාගැනීම සඳහා චීනය සමඟ ඔහු කටයුතු කර තිබිණි.                                                 

ඩොලර් මිලියන 6.5ක් පමණ මුදල් සහිත ඔහුගේ පෞද්ගලික බැංකු ගිණුම්විලින් මුදල් ලබාගත නොහැකි ලෙස  අධිකරණය නියෝග ලබාදී ඇති බවද නිලධාරීහු පවසති.                                                                                    

අධිකරණ තීන්දුව සම්බන්ධයෙන් මේවන තෙක් යමීන් මහතා ප්‍රතිචාරයක් දක්වා නැත.
 
(එක් ඩී ටීවී ඇසුරිනි)


16844